මේ පීඩනය වඩාත් බලපෑවේ මුල් සංක්රමණ වාසීන්ට හෝ න්යෂ්ටික පවුල් ඒකකයට ඇතුලත් වූ මුල් පරම්පරාවට නොවේ.ඔවුන්ගේ දෙවන තෙවන පරම්පරවන්ටය.මෙසේ වීමට හේතුව ඒ පසු පරම් පරා සමාජානුයෝජනය වන ආකාරයයි.
ලාංකිකයන්ගේ සමාජානුයෝජන ක්රියාවලියේ ප්රධාන ප්රභවය පවුල හා ඤාති කුටුම්බියයි.කුමන හේතුවක් නිසා හෝ විස්කෘත පවුල් සංස්ථාවෙන් එපිටට ගිය නැතහොත් මුලික හෝ න්යෂ්ටිකපවුල් වල දරුවන්ට සමාජානුයෝජන අවස්ථා ලැබෙනුයේ පවුල තුලදී දෙමාපියන්ගෙන් පමණි.
දෙමපියන්ගේ වෘධ පරම්පරාවේ සේවය ඔවුනට ලැබෙන්නේ නැත.නමුත් ධාරක සමාජානුයෝජනයෙදී මව්පියන් තරමට මුල් පරපුරේ වෘධ ඤාතින් ද වැදගත් වෙනවා.මේ සීමා සහිත වූ පවුල් සමාජානුයෝජනය
දරුවන්ගේ වර්ධනය කෙරෙහි තදින් බලපෑවා විශේෂයෙන් පවුලේ වැඩිහිටි යන්ගේ චිත්ත වේගී පෝෂණය නොලැබී යාම අන්ත ගාමී හැසිරීම් වලට යොමු වන ආවේගකාරී පෞර්ෂය ක් සහිත පුද්ගලයන් බිහි වීම හේතුවෙන් බව, සමාජ විද්යා සහ මනෝ විද්යාඥයින් පෙන්වා දී තිබෙනවා. ජීවිතයේ ප්රශ්නවලට මුහුණ දීමේදී වැදගත්ම සාධකය එම පුද්ගලයාගේ පෞර්ෂයයි.පෞර්ෂය සිය දිවි නසා ගැනීමෙන් අවසාන කර ගන්න ප්රශ්න සංකීර්ණ පෞර්ෂයට බද්ද කරුණකි.
මේ ගැනත් සිතන්න.
මහළු වීම ප්රශ්නයක්
පවුල නමැති සමාජ ආයතනයේ ව්යුහය ව්යුහය ලාංකීය සමාජය තුල වෙනස් වූ ආකාරයටම පවුල තුල අන්තර් ක්රියාකාරිත්වය ද පසුගිය කාලය තුල සීඝ්ර පරිවර්තනයකට ලක් විණි. මේ අනුව පවුලේ සාමාජිකයන්ද එකිනෙකා අතර වඩාත් පවුද්ගලික වාදී වීම නැතහොත් ආත්මාර්ථ කාමී වීම සහ පවුලේ සැම සාමාජිකයෙක්ම තමන්ට නියමිත කාර්ය භාර්යක නිරත වීමත් දක්නට ලැබේ.
මේ නිසා අනෙක් අය ගැන බලන්නට ඔවුනට වෙලාවක් සහ අවස්තාවක් නැති තරම්ය.වෙනත් විදියකට කිවොත් එදා පවුලක් ලෙස තිබු සාමුහික බව චින්තනය,හැසිරීම හා අපේක්ෂාවන් ඉෂ්ට නොවී ගොස් මේ පරිවර්තනය තුල වඩාත් අසරණ වී ඇත්තේ නියමිත කාර්ය භාරයක යෙදී මට කායිකව අපහසුව සිටින වියපත් හෝ මහළු වියේ කණ්ඩායම්ය.
එහෙයින් මහළු අය වත්මන් පවුල තුල හෝ මුළු සමාජ තුල කායික සාමාජිකාව පමණක් නොව මානසිකවද හුදකලා වීමත් අසරණ වීමක් සිදු වෙමින් පවතී.පර්යේෂණ කර නැතත් මේ කරුණ කිසියම් අයුරකින් මහළු වියේ පසු වන අය අතර සිය දිවි නසා ගැනීම් වැඩි වීම සදහා සන්බන්ධයක් තිබිය හැක.
සංක්යා ලේඛණ අනුව බැලුවද දශකය දක්වා මහළු අය දිවි නසා ගැනීම්වල වැඩි වීමේ අනුපාතයක් නොපෙන්වයි.එසේම සිදු වූ මරණද රෝගී වීම හෝ වෙනත් තේරුම් ගත හැකි හේතු නිසා දිවි නසා ගත් ඒවා බව පෙනේ නමුත් 90 දශකයේ මහළු අය අතර දිවි නසා ගැනීම් වැඩිවීමේ ප්රවනතාවයක් දක්නට ලැබේ.
Comments
Post a Comment