මොකද්ද මේ SOPA PIPA කියන්නේ
මම මේක දැක්කේ සහෝදරයෙක්ගේ බ්ලොග් එකකින් මෙහි සියලු පැසසුම් කලින් මේ ලිපිය ලියපු සහෝදරයට සහ මම මේ ලිපිය උපුටා ගත්ත බ්ලොග් එකේ සහෝදරයට හිමි වෙයි.
නොදා බැරි කමට කොපි කරේ මමත් එහෙම කොපි කරන්නේ නැ මගේ දෙයක් ලියනවා ඇරෙන්න
මට මේ ලිපිය දැක්කම වැදගත් එකක් කියලා හිතුනා
කලිම්ම මේ ලිපිය ලියපු සහෝදරයාගේ බ්ලොග් එකට මෙතනින් යන්න
මම මේ ලිපිය උපුටා ගත්ත සහෝදරයාගේ බ්ලොග් එකට මෙතැනින් යන්න
මොකද්ද මේ SOPA PIPA කියන්නේ කියන එක තමා මම දැන් ඔයාලට කියන්න යන්නේ... ඇත්තටම කිවොත් මමත් මේ ගැන ඉගෙන ගත්තේ, අපේ බ්ලොග් ලියන සහෝදරයෙක් දාලා තිබ්බ පෝස්ට් එකක් කියවලා. ඉතින් මම මේ එයාට කරන ගරු කිරිමක් වශයෙන් එයාගේ පෝස්ට් එකම මෙතන දාන්නම්.. මම සාමාන්යයෙන් වෙන බ්ලොග් වල තියෙන ඒවා මගේ එකේ කොපි කරන්නේ බොහෝම අඩුවෙන් සහ නොකරම ඉන්න බැරි වුනොත් තමා... නමුත් මේක මම කොපි කරේ ඔයාලට මේ ගැන ඇත්ත තොරතුරු කියලා දෙන්න ඔනේ නිසා. මම මේ සහෝදරයට ස්තුති වෙනවා මේ ගැන කියලා දීලා අපිව දැනුවත් කරාට.....
අන්තර්ජාලය කළඹන SOPA,හා ඇනෝනිමස් හැකින් ප්රහාර අතරේ SOPA පනත නවතින අයුරක්??? ඒ ගැන දැනුවත්ද? SOPA will be Cancel!! U.S Senators withdraw support..
මේ දවස් වල බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි SOPA හා PIPA!!!
එසේ සම්මත කරනු ලබන පනතකට අන්තර්ජාලයේ වෙබ් අඩවි විරෝධයක් පල කරන්නේ ඇයි???
SOPA යන්න කෙටියෙන් දක්වනවානම් එහි අදහස අන්තර්ජාලය හරහා සිදුකෙරෙන්නා වු බුද්ධිමය දේපල සොරකම් කිරීම හා ඒවා අන්තර්ජාලය හරහා බෙදා හැරීම වැලක්වීම සඳහා සකසන ලද ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් සකසන ලද පනතකි.(කතෘ ප්රකාශණ හිමිකම් උල්ලංඝණය කිරීමේ පනත)
එමගින් යම් ආයතනයකට,පුද්ගලයකුට අයත් තොරතුරු අනවසරයෙන් වෙබ් අඩවියක් තුල පල කලහොත් එම අඩවිය අක්රීය කොට දැමීමට මෙන්ම එය භාවිතා කරන්නට ඉඩ ලබා නොදීමේ හැකියාව ඇමරිකානු ආණ්ඩුව සතුව බලය පවතී.
දැනට කරනුයේ එසේ අනවසර හිමිකම් උල්ලංඝණය වු යමක් පලවී ඇත්නම් වෙබ් අඩවිය තුලින් එය ඉවත් කිරීම පමණකි.. එහෙත් SOPA නිතිය යටතේ වෙබ් අඩවියම වසා දැමීමට හැකිවේ..
අන්න එමගින් අන්තර්ජාලය හරහා ගීත,චිත්රපට,රූපවාහිනි කතා මාලා, E-books, නොමිලයේ ලබා දෙන වෙබ් අඩවි සියල්ලටම මේ නිතීය බලපාන අතරම ඉදිරියේදී ඒවා ලබා දීම මුදලට පමණක් සිදුකෙරෙනු ඇත.
එබැවින් අන්තර්ජාල භාවිත කරන්නන්,අධ්යාපන කටයුතු ආදි කටයුතු සියල්ලටම වැදගත් තැනක් නොවනු ඇත... මොකද ඉතින් සල්ලි දීලා ගන්න පිරිස බොහෝම අඩුයි නේ...
පසුගිය 18 වැනිදා විකිපීඩියාවේ ඉංග්රීසි වෙබ් අඩවිය මෙම පනතට විරෝධය දක්වමින් ලංකාවේ වේලාවෙන් උදෑසන 10.30 සිට පැය 24 ක කාලයක් අක්රීය කොට තිබුනි.
එදින පමණක් මිලියන 100 ට අධික පිරිසක් විකිපීඩියාවට පැමිණ ඇතත් එය අහිමි වු බව පැවසේ. එහෙත් ජංගම දුරකතන තුලින් ඇතුලු වීමට හැකියාව ලැබි ඇත.
මේ වන විට වෙබ් අඩවි 7000 කට අධික ප්රමාණයක් මේ SOPA පනත සඳහා විරෝධය දක්වමින් එක්ව ඇති අතර Google සමාගමට එයට එක්වුයේ 18 වැනිදා තම ඇමරිකානු මුල් පිටුවේ ලාංජනය කලු ඉරකින් වසා දමමිනි.
මේ වන විට වෙබ් අඩවි 7000 කට අධික ප්රමාණයක් මේ SOPA පනත සඳහා විරෝධය දක්වමින් එක්ව ඇති අතර Google සමාගමට එයට එක්වුයේ 18 වැනිදා තම ඇමරිකානු මුල් පිටුවේ ලාංජනය කලු ඉරකින් වසා දමමිනි.
ඔවුන් තවත් වැඩසටහනක්ද ඒ සදහා ක්රියාත්මක කරන අතර එයට දැනටමත් මිලියන 4.5 ක ප්රමාණයක් අත්සන් කොට ඇත.
ලබන 24 වැනිදා මෙම පනත ඇමරිකානු ක්රොංග්රසයට ඉදිරිපත් කිරීමට සුදානම් වේ..
එයට විරෝධය දක්වා අදහස් පලකොට ඇති Facebook හිමිකරු මාක් සුකර්බර්ග් ගේ ප්රකාශය..
එයට විරෝධය දක්වා අදහස් පලකොට ඇති Facebook හිමිකරු මාක් සුකර්බර්ග් ගේ ප්රකාශය..
ඒ සදහා විරෝධය පාමින් ආරම්භ කොට ඇති Fight for the Future නැමැති වෙබ් අඩවිය තුලින් විරෝධය පෑම සඳහා තමන්ට ලියාපදිංචි විය හැකි අතර මේ දක්වා එහි ලියාපදිංචි වෙබ් අඩවි වල නම් දැක බලා ගන්නත් පුළුවන්..
පනතේ කටයුතු ඉටු වෙන්වත් කලින්ම ඇමරිකානු පෙඩරල් බියුරෝව (FBI) 19 වැනිදා MegaUpload නැමති වෙබ් අඩවිය..
හිමිකම් නොමැති දෑ බෙදා හැරීම නිසා වන වරදට අක්රීය කිරීමක් සිදු කොට ඇති අතර එහි අයිතිකරු Kim Dotcom, හා තවත් 03 දෙනෙකු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරදී ඇමරිකානු ඉල්ලීමක් පරදි අත්අඩංගුවට ගෙන ඇති
අතර ඇමරිකානු නිතී දෙපාර්තමේන්තුව පවසන්නේ ඔවුන් ඩොලර් මිලයන 500 ක පාඩුවක් හිමිකම් නොමැති දෑ බෙදා හැරීම මගින් එම ආයතන වලට සිදුකර ඇති බවත් එබැවින් නිතී මාර්ගයෙන් ඔවුන්ට කටයුතු කරන බවත්ය...
ඇමරිකානු නීතිය අනුව එවැනි වරදකට අවුරුදු 55 දක්වා වු සිරදඩුවම් නියම කල හැකිවේ...
මේ වන විට ඔහු සතුව තිබු ඩොලර් 400,000 මිල වු Rolls Royce හා 1959 pink Cadillac යන රථ දෙක ඇතුලුව ඔහු සතුව වාහනද අත් අඩංගුවට ගෙන ඇත.
ඇමරිකානු නීතිය අනුව එවැනි වරදකට අවුරුදු 55 දක්වා වු සිරදඩුවම් නියම කල හැකිවේ...
මේ වන විට ඔහු සතුව තිබු ඩොලර් 400,000 මිල වු Rolls Royce හා 1959 pink Cadillac යන රථ දෙක ඇතුලුව ඔහු සතුව වාහනද අත් අඩංගුවට ගෙන ඇත.
එය එසේ වෙද්දී ක්රියාත්මක වු ඇනෝනිමස් හැකර් කණ්ඩායම තම බලය පතුරවමින් හා එයට විරෝධය පළකරමින් මෙතෙක් සිදු කල විශාලම ඇනෝනිමස් මෙහෙයුම'Operation Megaupload'ලෙස
විනාඩි 15 තුලදී එයට සහය දැක්වු ඇමරිකානු FBI ආයතනයේ වෙබ් අඩවියට හා තවත් ආයතනයන රැසක වෙබ් අඩවි බොහෝමයකට සයිබර් ප්රහාර එල්ල කරමින් ඒවා අක්රීය කිරීමටත් ඒවායේ වේගය අඩු කර දැමීමටත් ක්රියා කල අතරම ඉදිරියේදීත් පනතට සහය දක්වන්නන්ට විරෝධය පා ප්රහාර එල්ල කරන බවද පවසයි.
ටිවිටර් හරහා ඔවුන්ගේ ප්රහාර ගැන දක්වා තිබු අයුරු
මේ වන විට ඇමරිකානු නිතී සම්පාදකයින් දහඅට දෙනෙකු පමණ මෙම SOPA පණතට සහය දැක්වීමෙන් ඉවත් වීමට තීරණය කොට ඇති අතර ප්රධාන කරුණ ලෙස එම පණත සම්පාදනයේදී සම අනුග්රහකයන් ලෙස කටයුතු කලා වු ෆ්ලොරිඩාවේ “ මාර්කෝ රුබියෝ“ හා මිසුරි ප්රාන්තයේ “ රෝයි බ්ලන්ට් ද “ සිටීමයි. එලෙසම ඇමරිකානු ධවල මන්දිරයෙන්ද මේ පනත සඳහා විරෝධය එල්ල වෙමින් පවතින බව පැවසේ...
මෙම පනත සම්මත වුවහොත් බොහෝ විටම ජනපති බැරක් ඔබාමා සතු නිෂේධ බලය පාවිච්චි කරනු ඇතැයිද පැවසේ..
කොහෝම වුනත් වෙන දේවල් ඉතින් ඉස්සරහාට තමා බලන්න වෙන්නේ...
ඒ සහෝදරයා ලියලා තිබ්බ ලිපියට මෙතනින් යන්න....
මම මේ ලිපිය උපුටා ගත සහෝදරයාගේ ලිපිය මෙතනින් බලන්න
===========================================================================================
ඔන්න ඕක තමා ඒ සහෝදරයා ලියලා තිබ්බ ලිපිය. ඔන්න මම අද බලද්දි මේ කරුණ සනාත කරමින් Filesonic වෙබ් අඩවියද, File Share කරන එක නතර කරලා.

Comments
Post a Comment