ලෝකයේ හොදම අන්තර්ජාල පහසුකම ඇත්තේ මොන රටටද ?

Image result for INTERNET



ඇත්තටම මම අද කියල දෙන්න  යන්නේ මේ ලිපිය තුලින් ඔයාලට හොදම සහ වේගවත් ඉන්ටර්නෙට් සේවාව සපයන රට මොකක්ද කියලා ඇත්තට මම දන්නවා දැන් ඔයාලගේ හිතට එන අදහස ඔයා හිතුවේ ඇමෙරිකාවට කියලා නේ එහෙම නැත්නම් ඔයාට හිතෙන්න ඇති අපේ රටේ කියලා එහෙම හිතෙන එක සාධාරණයි. 

මොකද දන්නවද අපි දන්නේ අපේ රටේ ඉන්ටෙර්නෙට් වේගය පමණයි. මහ ලොකුවට කයිය ගැහැවුවට අදිවේගී ඉන්ටෙර්නෙට් කියලා එකේ ඇති වේගයක් නැ.


ලෝකයේ විවිද රටවල් වල අන්තර්ජාල වේගය එකිනෙකට වෙනස්.එය සමහර රටවල අදිවේගී අන්තර්ජාල පහසුකම සපයද්දී තවත් රටවල් මන්දගාමී අන්තර්ජාල සේවයක් සපයයි.දකුණු කොරියාව අද ලෝකයේ හොදම සහ අදිවේගී අන්තර්ජාල සේවාවක් සපයන්නා සහ ලෝකයේ පළමු තැනට පත්ව සිටි.

දෙවන තැන හිමි කර ගෙන සිටින්නේ ඩෙන්මාකයට හිමිවී තිබේ.අනිත් රටවල් වන්නේ පිළිවෙලින් අයිස්ලන්තය,එක්සත් රාජධානිය,සහ ස්වීඩනයයි.ඕස්ටේලියාව 13 වන ස්ථානයේ රැදී සිටන අතර ඇමෙරිකාව 15 වන ස්ථානයේ සිටි.එක්සත් රාජධානිය 10 ස්ථානයේ රැදී සිටි.ජමනිය 14 වන ස්ථානයේ සිටී.

චර්ඩ් සහ මාලවී මැඩගස්කරය ඉතියෝපියාව එරිත්‍රියාව ඒ අතර පහලම ස්ථානයේ සිටී.ඇත්තටම අපේ රට අද අන්තර් ජාල සැපයීමේ 115 ස්ථානයේ සිටී.එය විශේෂත්වය වන්නේ 2010 වසරේ අප සිටි ස්තානයම වීමයි.

අනෙක් රටාව සැලකීමේදී ඉන්දියාව 131 වැනි ස්ථානයේ සහ මාල දිවයින 81 ස්ථානයේ ද පකිස්තානය 143 වන ස්ථානයේද හිමිකර ගෙන සිටී.මාල දිවයින 81 වන ස්ථානය රැකගෙන සිටින එකම දකුණු ආසියාතික රට බවට පත්ව සිටීම විශේෂත්වයකි.

අන්තර්ජාල වේගය ස්ථාවර අන්තර්ජාල පහසුකම් තොරතුරු තාක්ෂයේ සංවර්ධනය පරිගණකයක් ඇති නිවෙස් සැලකිල්ලට ගෙන ලකුණු ලබා දීමේදී දකුණු කොරියාව ලබා ඇති ලකුණු 8.93 කි.ලංකාව එම අගය 3.64 ලබා ඇත.

දකුණු කොරියාවේ මෙම අන්තර්ජාල වේගය වැඩි වීමට වැඩි හේතුවක් වී ඇත්තේ එරට ඔන්ලයින් ක්‍රීඩා රට තුල ප්‍රසිද්ධ වීම සහ තාක්ෂණික වෙළදපොල යන කරුණු හේතුවෙනි. 

Comments

Post a Comment

Popular Posts