Blogger Tips සිංහලෙන් | Blogger වල වාසි සහ අවාසි

Blogger Tips සිංහලෙන් | Blogger වල වාසි සහ අවාසි

logger යනු සිංහල බ්ලොග්කරුවන් 90% ක් පමණ භාවිතා කරන Blogging Platform එක වේ. එම නිසා Blogger Tips ලිපි පෙළක් සිංහලෙන් ඔබට ගෙන ඒමට අපි තීරණය කරා. මේ එහි අරාම්භක ලිපියයි.

Blogger යනු කුමක්ද?Blogger යනු කුමක්ද?Blogger යනු ඔබට නොමිලේම බ්ලොග් එකක් සැදීමට ඉඩ කඩ ලබාදෙන සේවාවකි. Pyra Labs විසින් develop කරපු Blogger සේවාව 2003 වසරේදී Google සාමාගම විසින් මීලදී ගන්නා ලදී.

Picture

Blogger වල වාසි

1. Free Hosting and Domain Blogger වල ඇති සුවිශේෂ වාසියක් වන්නේ මෙයයි.
ඔබට නොමිලේම ඔබගේ බ්ලොග් අඩවිය අරම්භ කල හැකිය.
ඔබට නොමිලේම yourname.blogspot.com ආකාරයේ domain නාමයක්ද ලබා ගත හැකිය.

​ 2. සරල අතුරු මුහුණත ඔබට blogging ගැන කිසිම දැනුමක් නොමැති උනත් Blogger වල ඇති සරල අතුරු මුහුණත නිසා ඉතා පහසුවෙන් ඔබට ඔබගේ බ්ලොග් අඩවිය ආරම්ඹ කල හැකිය.

3. ඔබට Programming Language එකක දැනුමක් අවශ්‍ය නැත Blogger තුල බ්ලොග් අඩවියක් ආරම්භ කීරීමට ඔබට කිසිම Programming Language එකක දැනුමක් අවශ්‍ය නැත.

ඔබට අන්තරජාලය භාවිතා කීරී
මේ දැනුම තියනවනම් Google Search Engine එකත් උදව් කරගෙන ඔබට ඉතාමත් අලංකාර බ්ලොග් එකක් පහසුවෙන් සාදා ගත හැකිය.


4. 100% විශ්වාසවන්ත Servers Google වලට අදාළ Servers වල ඔබගේ අඩවිය පවත්වාගෙන යන නිසා ඔබට බ්ලොග් අඩවියේ ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වීමට අවශ්‍ය නොවේ.

ඔබ ඔබගේ gmail ගිණුම ආරක්ෂා කරන තාක් කල් බ්ලොග් අඩවිය Google විසින් ආරක්ෂා කරයි.

5. Blog Speed ඔබ අනවශ්‍ය කරදරකාරී widget වලින් ඔබගේ අඩවිය පුරවා ගන්නේ නැත්තම් බොහෝ දුරට ඔබගේ බ්ලොග් අඩවිය වේගවත්ය.



​Blogger වල අවාසි

1. අපි ඔබට මුලින්ම Blogger වල ඇති limits පහතින් දක්වා ඇත බ්ලොග් ගණන : එක account එකකට ඔබට සැදිය හැක්කේ බ්ලොග් අඩවි 100ක් පමණි.


පින්තුර ප්‍රමාණය : ඔබට 1GB දක්වා පින්තුව ඔබගේ බ්ලොග් අඩවියට එකතු කල හැකිය. 

Labels ප්‍රමාණය: ඔබට Labels 2000ක් එකතු කරා හැකි අතර එක පොස්ට් එකක් සදහා Labels 20ක් යොදා ගත හැකිය.

බ්ලොග් Description : ඔබට අකුරු 500ක් දක්වා බ්ලොග් Description එකට ඇතුලත් කල හැකිය. 

“About Me” Profile Information : ඔබට අකුරු 1200ක් දක්වා මෙයට ඇතුලත් කල හැකිය.
2. ඔබගේ අඩවිය Google සතුය ඔබගේ අඩවිය ඕනෑම වෙලාවක delete කිරීම අයිතිය Google සමාගම සතුය.

3. SEO Blogger අඩවියකට වඩා පහසුවෙන් WordPress (WordPress.ORG) අඩවියක් SEO සහය දක්වන ආකාරයට නිර්මාණය කරා ගත හැකිය.

4. ඔබට කල හැකි දේවල් සීමා සහිතය ASP.Net හෝ PHP වැනි Programming Language සදහා Blogger අඩවිය සහය නොදක්වන බැවින් ඔබට කල හැකි දේවල් ප්‍රමාණය සීමා සහිතය

දෙවැනි වර යාවත් කාලීන කිරීම 2016-04-24 වන දින උපුටා ගන්නා ලදී..... මුල් කතෘගේ අඩවියට 

බ්ලොග් ලියන්න අලුතෙන් පැමිනෙන බොහෝ දෙනෙකුට මුලදි යම් යම් ගැටලු කීපයක් ඇතිවෙනව. ‍එම ගැටලු නම් මට නොමිලේ බ්ලොග් එකක් පටන්ගන්න පුලුවන්ද?, එසේ හැකිනම් එවැනි සේවා කොපමණ සංඛ්‍යාවක් තිබේද?, එම සේවා වලින් වඩාත්ම බාවිතාවන සේවාවන් මොනවාද?, වැඩි පහසුකම් ප්‍රමාණයක් තිබෙන සේවාව කුමක්ද? කියන වගේ ප්‍රශ්න.
 ඒ ඔස්සේ සොයාබැලීමේදී ඔබට ප්‍රධාණ සේවාවන් දෙකක් හමුවෙනු ඇත. ඒවා නම්Blogger සහ Wordpress.com. දැන් තියෙන එකම ප්‍රශ්ණය මේ සේවා දෙකෙන් හොඳම එක ‍කුමක්ද කියන එකනෙ. හොඳයි අද මම පැහැදිලි කරන්න හදන්නෙ මෙන්න මේ ගැටලුවට උත්තර.
මෙහිදී මම ‍මෙම සේවා දෙකෙහි පැහැදිලිව කැපීපෙනන ගුණාංග අතර සිදුකරන ලද සංසන්දනයක් මගින් මෙය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනව.
මෙම සංසන්ද‍නය කෙසේසිදුකර තිබුනත් තමන් කැමති Blog සේවාව බාවිතා කිරීම තමන්ගෙ කැමැත්ත. මෙහිදී මම කිසිඳු සේවාවක් උලුප්පා දැක්වීමට හෝ හෙලා දැකීමට උත්සාහ  ගෙන නොමැති බව කරුණාවෙන් සලකන්න.

සැ.යු :- මම මෙහිදී සංසන්දනාත්මකව පැහැදිලි කරන්න උත්සාහ ක‍රන්නෙ Blogger සේවාව හා Wordpress.com සපයන සේවාව සම්බන්දව. මෙය Wordpress.org සමග පටලවා ගන්න එපා.

 පහසුකමBlogger සේවාව Wordpress.com ‍සේවාව කවුද දිනුවෙ 
 Template එක
වෙනස් කිරීමේ හැකියාව
 මෙය ඔබට නොමිලේම තමන් කැමති ආකාරයට කරගන්න පුලුවන් ඒකියන්නෙ Template layout එක, CSS නිදහසේ වෙනස් කරන්න පුලුවන් මෙය ඔබට නොමිලේ කරන්න බැහැ ඒ සඳහා යම් මුදලක් ගෙවන්න වෙනව Blogger
 උදව්
(Tutorials/Help)
 ඉතා විශාල වශයෙන් අන්තර්ජාලයෙන් සොයාගන්න පුලුවන් සාපේක්ෂව අඩුයි. Blogger
 බාවිතා කල හැකි
Blog Themes
 ඕනෑතරම් හොඳ තත්වයේ ඇති Blogger Themes/Templates අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගන්න පුලුවන් හොඳ තත්වයේ ඇති Wordpress Themes නොමිලේ ලබාගත හැකි අවස්තා අඩුයි.  Blogger
 වෙනස් කිරීම්
සඳහා අවශ්‍ය වෙන Coding වර්ග
 මේ සඳහා ඔබට HTML, XHTML, CSS, XML, JAVASCRIPT බාවිතාකරන්න පුලුවන්. මේවා පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් ඉතා සරල Coding ආකාරයන් මේ සඳහා ඔබට HTML, XHTML, CSS, XML, JAVASCRIPT අමතරව PHP සම්බන්දවද දැනුම අවශ්‍ය වෙනව. බොහෝ අයට PHP සම්බන්දව දැනුම ඉතාම අඩුයි.Blogger
 Dashboard එකේ පෙණුම සහ
හැසිරවීමේ
ඇති පහසුව සහ වේගය
 ඉතාම සරලයි. පහසුවෙන් හසුරුවන්න පුලුවන්. ඒ වගේම වේගවත් සාපේක්ෂව තරමක් සංකීර්ණ බවින් සහ වේගයෙන් අඩුයි Blogger
 සේවාව විසින් නිර්දේශ
කරනු ලබන Templates/Themes
ප්‍රමාණය සහ
ඒවාගේ තත්වය
 ඉතාම සුලු ප්‍රමාණයක් වගේම ඒ‍වායේ පෙණුමද හොඳ තත්වයේ නැහැ සියයකටත් වඩා වැඩි ඉතා හොඳ තත්වයේ Themes මෙහිදී සපයයි Wordpress
බාවිතාකරන Theme/Template
එක වෙනුවට
වෙනත් එකක්
යෙදීමේ හැකියාව
(Replacement)
 මෙය ඔබම වසින් සාදාගත් Theme එකක් මගින් හෝ බාහිරව ලබාගත් එකක් මගින් ඕ‍නෑම වාර සංඛාවක් ඉතා පහසුවෙන් මෙන්ම නිදහසේ කරගන්න පුලුවන්. මෙය ඔබට කල හැකිවන්නේ සේවාව ඔබට සපයන Themes සඳහා පමණයි. බාහිරව ලබාගන්නා Themes බාවිතා කරන්න බැහැ. Blogger
 Widgets සහ
Plugins බාවිතා
කිරීමේ හැකියාව
සේවාව විසින් සපයන සහ බාහිරින් ලබාගන්නා Widgets සහ Plugins මගින් මෙය කරන්න පලුවන් බාහිරින් ලබාගන්නා Plugins ඔබට බාවිතා කල නොහැක.  Blogger
 ප්‍රතිචාර පද්ධතිය
(Comments System)
 Moderation කියල තියෙන්නෙ Comments delete කරන එක පමණයි. Comments සංස්කරණය කරන්න බැහැ. Spam ආරක්ෂාවක් නැහැ. Captcha පහසුකම සහිතයි. ප්‍රතිචාර සඳහා කෙලින්ම පිලිතුරු දිය නොහැකියි එනම් threaded/nested commenting පහසුකම නැහැ. බාහිර ප්‍රතිචාර පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කල හැකිය. ප්‍රතිචාර සංස්කරණය කල හැකියි. Spam ආරක්ෂාවක් සහිතයි. threaded/nested commenting පහසුකම සහිතයි. බාහිර ප්‍රතිචාර පද්ධතියක් මගින් ප්‍රතිස්ථාපනය කල නොහැකියි.  Wordpress
 SEO, Optimization හැකියාව අපේ පැත්තෙන් කල හැකි සියලු දේ අපට කල හැකියි. මෙය යම් තාක් දුරකට කල හැකියි. මෙය බාවිතා කරන්නාගේ පැත්තෙන් ඔහු බාවිතා කරන Theme එකේ Symantec Structure එක අනුව වෙනස්වේ  Blogger
Blog එක
සම්බන්දව පවුද්ගලිකත්වය
(Blog Privacy)
 ඔබට එක් Blog එකක් සඳහා අයිතිකරුවන් 100 දෙනෙක්ට සහ කියවන්නන් 100 දෙනෙක්ට මෙය සීමා කරන්න පුලුවන්. මේසඳහා අදාල වන්නේ Google account තිබෙන අය පමණයි. ලිපි සඳහා මුරපද(Password) යෙදීමේ හැකියාවක් නැහැ. මෙහිදී 35 දෙනෙකුට සීමා වේ. මුරපද යෙදූ ලිපි  සහ තමන්ට පමණක් දැකගත හැකි වන ආකාරයට(Private) ලිපි සකසන්න පුලුවන්.  Blogger
 ප්‍රතිචාර වරණය(Comment Restriction) මෙය මූලික වශයෙන් Google account; OpenID account සහ Anonymous යන ආකාර සඳහා වරණය කරන්න පුලුවන් වරණය කිරීමේ හැකියාවක් ‍නොමැත. ඕනෑම කෙනෙකුට ප්‍රතිචාර දැක්විය හැකිය Blogger
 Blog එකක් නැවත ස්ථාපනය(Blog Import) එක් Blog එකක් තවත් එක් Blogger Blog එකක් සඳහා පමණක් ස්ථාපනය කල හැකිය.(බාහිර සේවා මේසඳහා පවතියි) තවත් එක් Wordpress Blog එකක් සඳහා සහ Blogger, TypePad, LiveJournal, Yahoo!360, MovableType ගිණුම් සඳහා Import කලහැකිය. Wordpress
 ලිපි සහ ප්‍රතිචාර සම්බන්ද දැනුම්දීම්(Posts and Comment Notification) Email පහසුකම බාවිතයෙන් මෙය කලහැකියි. බොහෝ විට මේ සඳහා Google Feedburner සේවාව බාවිතා වෙයි මෙහිදීත් එය කල හැකිය. Both
 ප්‍රතිචාර සහතික කිරීම(Comment Verification) Captcha පහසුකම මිනිසෙක් යන්න සහතික කරගත හැකියි එවැනි පහසුකමක් නොමැත Blogger
 වීඩියෝ ගබඩා කිරීමේ සීමාවන් (Video Storage Limit) ඔබ මෙම සේවාව හරහාම Video Upload කරනවානම් 16GB දක්වාද. Google video හරහා සීමා රහිතවද බාවිතා කරන්න පුලුවන්. 3GB දක්වා පමණයි. මීට  වඩා අවශ්‍ය නම් මුදල් ගෙවිය යුතුයි. Blogger
 රූප ගබඩා කිරීමේ සීමාවන් (Image storage limit) Picasa Web Album සේවාව හරහා 1GB පමණ ඉඩ ප්‍රමාණයක් හිමිවෙයි.  3GB දක්වා ඉඩ හිමි වේ. මීට වඩා අවශ්‍යනම් මුදල් ගෙවිය යුතුයි. Wordpress
 බාවිතා කල හැකි ගොනු(Files) වර්ග (File type Storage) PNG, GIF, JPEG යන රූප ආකාර(Type) සඳහා සීමා වේ.  PNG, GIF, JPEG යන රූප ආකාර(Type) වලට අමතරව ppt, .doc, .odt and .pdf යන ගොනු  ආකාරද බාවිතා කල හැකිය. Wordpress
 Blog එක සහ එහි පාඨකයන් අතර ඇති ක්‍රියාකාරීත්වය සම්බන්ද තොරතුරු (Blog Stats)ඉතාම හොඳ තත්වයේ විස්තර සපයන පද්ධතියක් අන්තර්ගත වෙනව. අවශ්‍ය නම් බාහිර Google Analytics වැනි සේවාවක් උවද බාවිතා කරන්න පුලුවන්. සාපේක්ෂව සවිස්තර බව අඩුයි. ඒවගේම යාවත්කාලීන වීම සෑම දින 2කට වරක් පමණක් සිදුවේ. බාහිර සේවාවන් බාවිතා කල නොහැකියි. Blogger
වෙළඳ දැන්වීම් (Advertisements) ආචාර ධර්ම වලට ගැලපෙන පරිදි නිදහසේ යෙදිය හැකිය. වෙළඳ දැන්වීම් බාවිතා කල නොහැකිය. අවශ්‍ය නම් මුදල් ගෙවා මෙම පහසුකම ලබාගත්තත් ආදායමෙන් යම් කොටසක් සේවාව විසින් කපාගනී. Blogger
 Email මගින් ලිපි පළ කිරීම (Posts By Email) සිදු කල හැකිය සිදු කල හැකිය Both
 ජංගම දුරකථන වලදී ලිපිවල සහ ප්‍රතිචාර වල පෝෂක(Feeds) බාවිතා කිරීමේ හැකියාව (Post Feed On Mobile Phones) සහය දක්වයි  සහය දක්වයි Both

ඉහත වගුව හොඳින් පරිශීලනය කිරීමෙන් Blogger සේවාව හා Wordpress.com සේවාව අතර ඇති වෙනස්කම් ඔයාලට හොඳින් අවබෝධ කරගන්න පුලුවන් වෙයි කියල මම හිතනව. මෙම ලිපියේදී Wordpress.comසහ Blogger අතර කෙරුනු  සංසන්දනය Wordpress.org මගින් සපයන මෘදුකාංගය සමග පටලවා ගන්න එපා කියල නැවතත් කියනව. මොකද එම මෘදුකාංගය මුදල්ගෙවා ලබාගන්නා ලද වෙබ් ඉඩක ස්ථාපනය කොට බාවිතා කිරීමේදී තමන්ට රිසිසේ වෙනස්කම් කිරීමටත්, හැසිරවීමටත්  අවස්තාව ලැබෙන නිසා

Comments

Popular Posts