වයි-ෆයි ක්රියාකාරීත්වය වැඩි දියුණු කිරිමේ ක්රම 10ක්
වයි-ෆයි තාක්ෂණය වර්තමානයේ එදිනෙදා අන්තර්ජාලය ආශ්රිත වැඩකටයුතු වලදි බහුලව භාවිතා වෙයි. රැහැන් රහිත තාක්ෂණ වල සිට රැහැන් රහිත තාක්ෂණයට
සංක්රමණය වු නුතණ ජාලකරණ හෙවත් නෙට්වර්කින් වලදී වයි-ෆයි ඉතා වැදගත් සංරචකයකි. වයි-ෆයි භාවිතයේදී විවිධ කාරණා නිසා එහි වේගය අඩාල වීම සිදුවේ.
වෙබ් භාවිතයේදී , ඔන්ලයින් ගේම් වලදි ඩවුන්ලෝඩ් කිරිමේ දී යන කටයුතු වලදි මෙම වේගය අඩාල වීම දැඩි ලෙස බලපෑමක් සිදු කරයි. ඒ නිසා අපි බලමු වයි-ෆයි
ක්රියාකාරීත්වය නිසි ලෙස පවත්වා ගැනිමටත් එය වැඩි දියුණු කිරිමටත් අපිට කල හැකි දෑ මොනවද කියලා.
හොඳ රවුටරයක් භාවිතා කිරීම
යාවත්කාලීන(අප්ඩේට්) රවුටරක් භාවිතා කිරීම ඔබගේ නෙට්වර්ක් එකේ වේගය වැඩි කරවීමට නිසැකවම සමත් වනවා ඇත. පැරණි අයි.එස්.පී. සැපයු රවුටර් වල ස්ටක් වීම
සහ 802.11g සම්මතයෙන් වේගය ඉතා අඩාලවීම සිදුවෙයි. එක් ඇන්ටනාවක් සහිත වීම නිසා උපාංග බහුතර සංඛ්යාවක් පාලනය අපහසු කටයුත්තක් වෙයි.
සියළුම අයි.එස්.පි. වල සයින් අප් වන විටම රවුටරය හෝ මොඩමය ලබා දෙයි. එහි වයර්ලස් පහසුකමද අන්තර්ගත වෙයි. නමුත් ඒවා ඔබගේ වේගය අඩු කරනවා මිස
වැඩිකිරිමක් සිදුවන්නේ නැත. ඒ නිසා කල හැකි හොඳම දේ අළුත් මොඩල් එකක් ගෙන වේගය වැඩිකර ගැනීමයි.
ඔබට හොඳ ඩවුලෝඩ් ස්පීඩ් එකක් හෝ ගේම් ප්ලේ කරන විට අවම ලේටන්සි එකක් පවත්වා ගැනීමට නවතම වයර්ලස් නෙට්වර්ක් ස්ටැන්ඩඩ් එක වන 802.11ac
වලට සහයෝගය දක්වන රවුටරයක් භාවිතා කිරීම වැදගත් වේ. It also introduces Beamforming, a technology
that calculates the rough position of connected computers and increases power in that
direction, which can improve connectivity.ඔබ භාවිතා කරන උපාංගයද වයි-ෆයි වේගය සඳහා වැදගත් වෙයි. එම උපාංග
802.11ac සපෝර්ට් කිරීමද පහසුවක් වේ. ඔබගේ ලැප්ටොප් පරිගණකය පැරණි නම් ඔබට 802.11ac සපෝර්ට් කරන යුඑස්බි ඩොංගල් එකක් මිලදි ගැනීම
වැඩි වේගයක් ලබා ගැනීමට උපකාර වේ. මෙහි ඇති අවාසිය නම් 802.11ac රවුටරය මිලෙන් අධික විමයි.
පවර්ලයින් එතර්නට් ඇඩප්ටර්ස්
පවර්ලයිවන් එතර්නෙට් යනු ජාලයේ දත්ත විද්යුත් පරිපථයක් හරහා පරිගණක වල දත්ත හුවමාරු වීමයි. එමගින් හොඳම වයර්ලස් වේගයක් ලබා දෙයි.
නවිණතම පවර්ලයින් ඇඩප්ටර්ස් මගින් 1Gbit/sec වේගයක් ලබා දෙයි. එහි විඩියෝ ස්ට්රීමින් ඉතා හොඳ තත්වයේ පවතියි.
වයර්ලස් භාවිතයේදි සැලකිලිමත්විය යුතු කාරණාව නම් උපාංග වලට ඇති දුරයි. එහිදි ඇතිවන බාධා නිසා එහි වේගයට බලපෑම් සිදු විය හැක. මෙම පවර්ලයික් එතර්නෙට්
ඇඩැප්ටර්ස් ස්ථාවර වන අතර රැහැන් සහිත නිසා කාර්යාලය තුළදි භාවිතය පහසු වේ. බාධා ඇතිවීම අවම වේ. එසේම මෙමඟින් වයර්ලස් පහසුකමද ඒ සමගම ලබා දිය හැක.
බ්රිජ් එකක් භාවිතා කිරීම
බ්රිජ් එකක් යනු වයර්ලස් නෙට්වර්ක් රේන්ජ් එක වැඩි කරන රිපිටර් එකකි. එමගින් සියළුම සෙටින්ග්ස් කොපිකර එම නෙට්වර්ක් යුසර්නෙම් එක සහ පස්වර්ඩ් එක භාවිතා
කර එම ඩි.එච්.සී.පී. සර්වර් එකෙන්ම පරිභෝගිකයාට අයි.පි ඇඩ්රස් ලබා දෙයි. වයර්ලස් නෙට්වර්ක් එකට සම්බන්ධ විම සඳහා ඔබට මෙය වැදගත් වෙයි. බ්රිජර්ස් කිහිපයක්
භාවිතයෙන් ඔබට වයර්ලස් නෙට්වර්ක් එක වැඩිදුරටත් දිර්ඝ කළ හැක. එය නිවසේ මෙන්ම හෝටෙල්,විශ්ව විද්යාල වැනි වැඩි පිරිසක් සඳහා වැඩි ප්රදේශයකට එක්
වයර්ලස් නෙට්වර්ක් එකක් භාවිතා වන ස්ථාන වලට යොදාගැනේ. රැහැන් සහිත හා රැහැන් රහිත ලෙස බ්රිජර්ස් දෙයාකාරයකි. රැහැන් සහිත හෙවත් වයර්ඩ් බ්රිජ්
වේගවත් විය හැකි අතර තවත් උපාංගයකදි රැහැන් රහිත හෙවත් වයර්ලස් වැදගත් වෙයි. බ්රිජ් එකක් පවර්ලයින් එතර්නට් එකකට සම්බන්ධ කිරීමෙන් ප්රභල
වයර්ලස් සබඳතාවයක් ලබාගත හැක.
රවුටරය තබා ඇති ස්ථානය වෙනස් කරන්න
ඔබට සරලවම හා පහසුවෙන්ම කල හැකි දෙයකි. රේඩියෝ සංඥා සෘජු ගමන් මාර්ගයක හොඳින් ගමන් කරයි. ඒ නිසා සංඥා ගමන් කරන එම මාර්ගය බාධක වලින්
තොරවීම වඩා සුදුසු වෙයි. එසේම රවුටරය මත කුණු දුහුවිලි තිබිය හැක. තවද ගෙදර දුරකථනයද ඒ අසලින් කබා තිබෙන්නට පුළුවන්, ගෙදර මිදුල දෙසට වන්නට
පුළුවන්. එය රවුටරයට හිතකර නොවේ. එසේම ඩි.එස්.එල් දුරකථන සබඳතාද සංඥා දුර්වල කරයි.
නෙට්වර්ක් චැනල් එක මාරු කරන්න.
ඔබගේ රවුටරයේ ඇති සෙටින්ස් කිහිපයක් වෙනස් කිරීමෙන් ඔබට සැලකිය යුතු ලෙස වේගයේ වැඩි කිරිමක් සිදු කරගත හැක. එහිදි වයර්ලස් චැනලයේ ලෙබල් කර
ඇත්තේ 0 සහ 13 සහ ඔබ රවුටරයේ භාවිතා වන සංඛ්යාතයට සුළු වෙනස්කම් සහිතවය. මේ සඳහා ඔබට අවශ්ය ලොගින් විස්තර රවුටරයේ යට ඇති ස්ටිකරයක සඳහන්
වෙයි. මෙම සෙටින්ස් ඔබට දැකගත හැක්කේ වයර්ලස් මෙනුව තුල ඇති ඇඩ්වාන්ස් හෙඩර් තුලයි. නගරික සීමාව තුළ ඔබගේ පරිගණක පරාසයේ වයර්ලස්
නෙට්වර්ක්ස් 12ක් පමණ දැකගත හැක. මේවායින් බහුතරය 2.4GHz ඉඩක් සඳහා තරග කරයි. මෙම තරගය දෙන ලද චැනල් එකක් සඳහා පරීක්ෂා කල හැක.
මේ සඳහා වින්ඩෝස් සොෆ්ට්යො එකක් වන ඉන්ස්ස්අයිඩියර්(InSSIDer) සහ මැක් සදහා නෙට්ස්පොට් මෘදුකාංගය භාවිතා කල හැක.
එසේම මෙහි ඇති සෙටින්ස් වෙත අවධානය යොමු කිරිමද වැදගත් වේ. එහි චැනලය ඔටෝමැටික් ලෙස තෝරා ගැනිමට දි ඇත්නම් රවුටරය මඟින් ඒවා සිලෙක්ට්
කර උපාංග වලට ගැටළු ඇති කල හැක. එය ස්ථාවර චැනල් එකක් වෙත මාරු කිරීම වැදගත් වේ.
5GHz වලට මාරුවීම.
සෑම 802.11n රවුටර්ස් 2.4GHz වලදි ක්රියාත්මක වන අතර දැන් බොහෝ මොඩල 5GHzද ලබා දෙයි. 5GHz වඩා වේගවත් වෙයි. මුලින්ම ඔබ රවුටර්
සොෆ්ට්වෙයා එකට ලොග්වී ඔබගේ වයර්ලස් නෙට්වර්ක් එක 5GHz වලට මාරුවීමේදී එහි වේගය වැඩිවනවාද යන්න පරික්ෂා කල යුතුය. බොහෝ රවුටර්ස් 2.4GHz
හෝ 5GHz නෙට්වර්ක් එකක් තුලදි ලබා දෙයි. නමුත් එය එකවර දෙකම ලබා නොදෙයි. නමුත් එක් රවුටරයක් තුල නෙට්වර්ක් දෙකකින් එකක් 2.4GHz හා
අනෙක් 5GHz ලෙස එකවර ලබා දිමේ හැකියාව ඇත. ඊට අමතරව 802.11ac වලදි ඔබේ පරිගණකය ඉහළ සංඛ්යාත සදහා සහයෝගය දැක්වීමද වැදගත් වෙයි.
QoS පොලීසිය ක්රියාත්මක කිරිම
ඔබගේ නෙට්වර්ක් එක තුළ වයර්ලස් උපාංග එනම් ලැප්ටෝප්, ස්මාර්ට්ෆෝන්, ටැබ්ලට් බොහෝමයක් ක්රියාත්මකවේ නම් එහිදි වේගය පිලිබඳ ගැටළු ඇතිවේ.
මෙහිදි ඔබට බ්රෑන්ඩ්විත් පාලනය කිරීම සඳහා රවුටරයේ QoS(සේවාවේ ගුණාත්මකබව සදහා) ෆන්ෂන් එක භාවිතා කල හැක. මෙහිදි මතුවන අර්බුදකාරි තත්වය
නම් ඔබට නෙට්වර්ක් එක තුල මුලිකත්වය දිය යුතු ඇප්ලිකේෂන් ලබා දිය යුතුය. එසේ වුවත් ඔවුන් සහතික වන්නේ එක් පරිගණකයක බ්රෑන්ඩ්විත් තවකක් සඳහා
ලබා නොගන්නා බවයි. මුලින්ම රවුටර් සොෆ්ට්වෙයා එක මගින් QoS ලිස්ට් එකේ ඇති උපාංගවල ස්ටැටික් IP ඇඩ්රස් ලබාගත යුතුය.
ෆයිල් ෂෙයාරින් වැඩසටහන් සිමා කිරිම.
ෆයිල් ෂෙයාරින් ඇප්ලිකේෂන්, ෆයිල් ෂෙයාර් කිරීම සඳහා අප්ලෝඩ්වීම සහ ඩවුන්ලෝඩ් වීම මත රඳා පවතියි. ඔබේ පරිගණකය ෂෙයාර් කිරීම සහ අප්ලෝඩ් කිරීම ඉහලම
වේගයකින් සිදුකරයි නම් එය ඔබගේ බ්රෑන්ඩ්විත් සම්පුර්ණයෙන්ම ලබා ගනියි. ඔබ මෙවැනි ප්රෝග්රෑම් රන් කරන විට අප්ලෝඩ් බ්රෑන්ඩ්විත් 1KB/sec වල
තබාගෙන එයට ඇප්ලිකේෂන් රූල් එකක් රවුටරයේ QoS සේටින්ස් වල සදා එය බැක්ග්රවුන්ඩ් එකේ රන් නොකර හැකි අවස්ථාකදි එය ෂට් ඩවුන් කර තබන්න.
අත්යවශ්ය උපාංග පමණක් වයර්ලස් නෙට්වර්ක් එකේ තබාගන්න.
සමහර රැහැන් රහිත උපාංග වැඩි බ්රෑන්ඩ්විත් ප්රමාණයක් පරිභෝජනය කරයි. එවිට ඔබේ වයි-ෆයි ජාලය තුල වේගය අඩුවීම සිදුවෙයි. දිගු කේබලයක් හෝ පවර්ලයින්
එතර්නෙට් ඇඩප්ටරයක් සහ ස්විච් එකක් මඟින් හොඳ නෙට්වක් වේගයක් සහතික කරගත හැකි අතර වයර්ලස් බ්රෑන්ඩ්විත් ප්රශ්නද අඩුකර ගත හැක.
අදහසක් දක්වලා යන්න
සමහර රැහැන් රහිත උපාංග වැඩි බ්රෑන්ඩ්විත් ප්රමාණයක් පරිභෝජනය කරයි. එවිට ඔබේ වයි-ෆයි ජාලය තුල වේගය අඩුවීම සිදුවෙයි. දිගු කේබලයක් හෝ පවර්ලයින්
එතර්නෙට් ඇඩප්ටරයක් සහ ස්විච් එකක් මඟින් හොඳ නෙට්වක් වේගයක් සහතික කරගත හැකි අතර වයර්ලස් බ්රෑන්ඩ්විත් ප්රශ්නද අඩුකර ගත හැක.
අදහසක් දක්වලා යන්න

Comments
Post a Comment