කිසි කෙනෙකුට කඩන්න බැරි මුරපදයක් හදා ගමු

අන්තර්ජාලයේ විවිද වෙබ් අඩවි වලට යන ඔබ සමහර වෙබ් අඩවි වල අන්තර් ගතය සම්පුරණයෙන් ලබා ගැනීමට නම් එහි ගිණුමක් සදා ගැනීමට සිදු වීම සාමාන්ය දෙයකි.එවන් අවස්තාවකදී ශක්තිමත් මුරපදයක් සාදා ගැනීම අනිවාර්ය දෙයකි.එවිට කිසිදු පුද්ගලයකුට ඔබේ ගිණුමට කිසිදු ආකාරයකින් ඇතුලත් විය නොහැක.විශේෂයෙන්ම එවැනි හැක් කිරීම් වලට ලක්වී ඉතාමත් අපහසු තාවයකට පත් වූ වෙබ් අඩවියක් ලෙස ebay.com වෙබ් අඩවිය සදහන් කල හැකිය.එම නිසා එම වෙබ් අඩවියෙන් බාන්ඩ මිලදී ගන්නා මෙන්ම් විකුනන්නන්ටද මහත් පාඩුවක් විය.එබැවින් එවන් හොරුන්ගෙන් බේරී ශක්තිමත් මුරපදයක් සාදා ගන්නා ආකාරය අද මම ඔබට කියා දෙන්නට කැමැත්තෙමි.
ප්රථමයෙන් සාමාන්ය මුරපදයක් සාදා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන අවදානය යොමු කරමු ප්රථමයෙන්ම මුරපදයක් ශක්තිමත් එකක් වන්න නම් අඩුම තරමේ අක්ෂර 12 වත් තිබිය යුතුය.දිගු මුර පදයක් භාවිතා කාලාම හැක් කිරීම ඉතා අපහසු වීම ඊට හේතුවයි.
ඊළගට විමසා බැලිය යුත්තේ එවන් මුරපදයකදී භාවිතා කල යුතු අක්ෂර මොනවාද යන්නයි එය සදහා අකුරු ඉලක්කම් සංකේත යොදා ගත යුතු අතර අක්ෂර සදහා කැපිටල් සිම්පල් දෙයාකාරයම අතරෙන් පතර යොදා ගත යුතුය.එයින් මුරපදයක් ඉතා ශක්තිමත් එකක් වනු ඇත.
ශබ්ද කෝෂයක පවතින සාමාන්ය වචන වලට වඩා ඉතා විරල වචන ඒ සදහා යොදා ගත යුතුය.අනෙක් කාරණය නම් වචනයක් මුරපදයක් ලෙස යොදා ගැනීමේදී PHONE කියන වචනයට PH0NE යනුවෙන් බින්දුව යොදා ගැනීමට අපට පුළුවනි එය තමාට ආවේනික ක්රමයකි. එවැනි තමාටම ආවේනික ක්රම යොදා ගැනීම ඉතා හොදය.
අනෙක් කාරණය නම් කැපිටල් යොදා ගැනීමේදී මුරපදයේ මැද යොදනවාට වඩා එය මුල හෝ අග යොදා ගැනීම ඉතා හොද දෙයකි එයින් ශක්තිමත් මුරපදයක් සෑදේ
MFJ060I-//,''{})(67GH24';'04;'403;;;
ඉහත මුරපදය දෙස බලන්න එය හොද ශක්තිමත් මුරපදයක් එය ඔබට මතක තබා ගැනීමට ඉතා අපහසුය. එය කිසිම පිළිවෙලකට සදා ගත් එකක් නොවේ.එය අවශ්ය විටදී මතක තබා ගැනීමට නොහැකි නම් එයින් පලක් නොමැත.
එසේනම් අප කල යුතුව ඇත්තේ ශක්තිමත් මෙන්ම මතක තබා ගත හැකි ආකාරයට මුරපදයක් සෑදීමයි.
ඉහත වාක්ය මුරපදයක් බවට හරවන්නේ කෙසේදැයි අප බලමු මෙහි සෑම වචනයකම මුල් අකුර යොදා ගෙන SOHartifn24m වැනි මුරපදයක් සාදා ගත හැකිය. මෙවන් මුරපදයක් සාමාන්ය කෙනෙකුට අනුමාන කිරීමට බැරි නිසා එය ශක්තිමත් මුරපදයකි.
අනෙක් කාරණය නම් සෑම මුරපදයක්ම වයාකරණ නීතියටම නොව අහබුලෙස යොදා ගන්නා එකක් පුරපදයක් ලෙස යොදා ගැනීමයි.
"rat on the mat'' යන පුරපදයක් ඉතාම දුර්වල එකකි.
එම නිසා අහබු වචන යොදා ගැනීමෙන් ඔබේ හැමදේම රැකගත හැකිය.
වර්තමානය වන විට අන්තර්ජාලය ඔස්සේ කල නොහැකි දෙයක් නොමැත.තාක්ෂණයේ දියුණුව නිසාදෝ මෙවැනි සයිබර් හොරුන් අල්ලා ගැනීම ඉතා අපහසු දෙයකි මන්දයත් තාක්ෂණයේ දියුණුව සමග එක දොරක් වැසූ විට තව දොරවල් දෙකක් ඇරගනීමේ දක්ෂ කමක් මේ සයිබර් හොරුන්ට ඇති බැවිනි.
කෙසේ වෙතත් තමන්ගේ දෙය රක ගැනීම තමා සතු වගකීම බැවින් ශක්තිමත් පුරපදයක් සෑම දෙයකටම භාවිතා කිරීම වටී.
පසු වදන
/----------------------------------------------------------------/
මෙම ලිපියෙන් යමක් උගත්තා නම් කොමෙන්ට් එකක් කොටාලා යන්න අමතක නොකරන්න

අපේ ගොඩක් අය පාස්වර් ඩ් හදන්නෙ ෆේස්බුක් වගේ ඒවට ලොග් වෙන්න නොදා බැරි කමට. අනික ගොඩක අය ඒවා තමංගෙ යාළුවන්ටත් දේනවා. ඉතිං අමුතුවෙන් හැක් කරන්න දෙයක් නෑ..
ReplyDeleteඑකනම් ඇත්ත බන්
ReplyDelete