පනුවෝ ගහනවා වගේ බෝ වෙන බ්ලොග් වලින් සමාජයට ඇති වන බලපෑම .
පනුවෝ ගහනවා වගේ බෝ වෙන බ්ලොග් වලින් සමාජයට ඇති වන බලපෑම .
ඔය අනිත් අයට වගේ බර වචන දාලා ලියන්න මම දන්නේ නෑ... එත් කියවලා බලන්න මොකක්ද මේ කියන්නේ කියලා
අද ලංකාවේ පමණක් නොවේ ලෝකයේ හැම තැනම බ්ලොග් කරණයට තරුණ මහලු සියලු දෙනාම යොමු වී ඇති බව නොරහසකි .අද ලංකාව ගත් විට ඉතා සීග්රයෙන් බ්ලොග් බෝ වී ඇත
එය නොයෙක් විදියේ නොයෙක් මාද්ය වලින් වෙයි.තරුණ පරම්පරාව බ්ලොග් කරණයට එලෙබී ඇත්තේ මෑතක බව නොරහසකි 2010 වන විට ඉතා අඩු බ්ලොග් ප්රමාණයක් පැවතියත් මේ වන විට සිංහල භාෂාවෙන් ලියැවු බ්ලොග් 2000 පමණ ඇත.

විද්යාත්මක මෙන්ම දේශපාලනය ඔපා දුප මෙන්ම විචාර කරණයේ යෙදෙන බ්ලොග් වැඩි වශයෙන් දැකිය හැකිය.
දැනට පවතින බ්ලොග් වලින් සහ හෙට දවසේ බිහිවන බ්ලොග් වලින් සමාජයට ඇති වන බලපෑම කෙබදු දැයි අද මෙම ලිපියෙන් අවදාරණය කෙරෙයි.
රුපවාහිනී යක් වේවා රේඩියෝවක් වේවා පත්තරයක් හෝ වේවා එයින් සමාජයට ලබා දෙනු ලබන්නේ තොරතුරු මෙන්ම සමාජයට වැඩ දායී දෙයක් බව අප දනිමු. අද නම් එය ටිකක් වෙනස් අතට යොමු වී ඇත. අද බ්ලොග් ලියනු ලබන්නේ හුදෙක් තම පවුද්ගලික ඕනෑ එපා කම් සහ දේශපාලනික වශයෙන් වෙනස් නොවන තම මතය ඉදිරිපත් කිරීමටය.
ඉසේ කෙස් ගානට බ්ලොග් බිහි වෙද්දී සමහර බ්ලොග් වල පැවැත්ම ඒ තරං දුර නොයෙති. ඒ වාට හේතුව එක්කෝ ලියන්නට කාලයක් ඔවුන්ට නැති වීම හෝ පාඨකයාට වැඩක් ඇති ලිපි හෝ මාතෘකා ඔස්සේ ලිවීමට ඔවුන්ට නොහැකි වීමයි.
බ්ලොග් එකකින් ලබා දිය යුත්තේ තමන්ට ඕනෑ දෙය නොව පාඨකයා ඉල්ලන දෙය හෝ බලාපොරොත්තු වන දෙයයි .කෙසේ වෙතත් අද බ්ලොග් වලින් දැකිය හැක්කේ තමන් කැමති දෙය හා තමන්ට විරුද්ද අය එල්ල කොට පහර ගැසීම සදහා ලිපි ලිවීමයි.එසේ කරන්නේ ඇයිදැයි විමසු කල මගේ විමානේ මම තමයි ආලවකයා ඒ නිසා කැමතිනම්
පාඨකයාට කුණුහරුපෙන් උනත් බැන ලිපි ලිවීමේ අයිතියක් ඇත. කැමති නම් එසේ නොකළ හැක යනුවෙන් උත්තර දෙනු ලබයි.ඔවුන් හිතා ගෙන ඉන්නේ තමගේ කියලා බ්ලොග් එකක් තිබුන පලියට ඕනෑම දෙයක් කල හැකි බවයි.
බස් එකක් උනත් පාරට දැම්ම ගමන් එක උන්ට ඕනෑ තාලෙට දුවන්න බෑ නේ... උන්ට ඕනෑ වැඩ කරන්නත් බෑ එකට රූට් එකක් තියනවා.සහ නීති තියනවා.
පත්තරයක් උනත් මිනිසුන් වැඩිපුර කියවන්නේ එය හොද උනොත් පමණි.පත්තරේ මම ලියන්නේ කියලා තමන්ට ඕනෑ දේ කරන්නට බැරිය.
මෙහිදී මාධ්ය සදාචාරය ගැන මම කතා නොකරමි මන්ද යත් ඒය වෙනමම පැතිකඩකි.
බ්ලොග් එකකින් එවැනි සදාචාර බවක් බලාපොරොත්තු විය නොහැක.නමුත් අප නිරතුරුවම උත්සාහා කල යුත්තේ එකිනෙකට ගරු කිරීම මෙන්ම එම අප කතා කරනු ලබන සදාචාරය ඇති කිරීමටයි.
අයි අපි කෙනෙකුට පහර දෙන්න බ්ලොග් එකක් පාවිච්චි කරන්න
බ්ලොග් සේවාව යනු ගුගල් වලින් ලබා දෙන සේවාවකි.එය ඕනෑම කෙනෙකුට ජීමේල් එකක් හදා ගත් පමණින්ම සාදා ගත හැකි නොමිලේ ලබා දෙන සේවාවකි.
.
එසේ නොමිලේ ලබාදෙන සේවාව තම හිතුමතේ භාවිතා කරනා අය බොහෝ වෙති. එය තමන්ගේ බ්ලොග් එක කියාගෙන මහ උජාරුවට උඩ පැන්නට එය සැබෑ අයිතිය මුළුමනින්ම ගුගල් සතු වෙති .ගුගල් වෙතට වාර්තා කරා නම් යම් බ්ලොග් අඩවියක් ගැන කිසිම සොයා බැලීමකින් තොරව එය අක්රීය කරනු ලබයි.
එසේ කරන්නට අප කුහකයෝ නොවෙමු .අද බොහෝ බ්ලොග් භාවිතා කරන්නේ දේශපාලනය කරන්නටය. ඒ අතර ඇතැමුන් කවි සිතිවිලි වැනි දේ ලියා ගෙන යයි .ඕනෑම ජාතියකට සාහිත්ය රසය තිබිය යුතුය.එවැනි බ්ලොග් අඩවි
ඉතා වටිනා ඒවාය .කෙනෙකුට පහර ගැසීමට තමන්ගේ නොවන නොමිලේ දෙන සේවාව භාවිතා නොකළ යුතුය.
එසේ කීමෙන් මා අදහස් කලේ තම්ගේම කියල වෙබ් හෝ බ්ලොග් අඩවි වලින් පහර ගැසුවාට කමක් නෑ කියන දේ නොව.
තම හිතු මතේ ඕනෑම දෙයක් ලීමට අයිතිය ඇතත් එය යම්කිසි සීමාවක තබා ගත යුතුය.
එසේ කරන්නට ගොස් තහනම් වුන බ්ලොග් අඩවි ගැනද මා අසා ඇත්තෙමු.
සුහදව තම මතය ඉදිරිපත් කරනවා විනා එයට ප්රතිචාර දක්වන්නන්ට එක එල්ලේ පහර ගසා ඔවුන්ගේ අදහස් තම බ්ලොග් අඩවියෙන් ඉවත් කොට තමාගේ ප්රතිපත්ති මතම එල්බ සිටීම එතරම් හොද දෙයක් නොවේ.
මේ ලගදී මා හිතවත් අයෙකුගේ බ්ලොග් එකක පල වූ ලිපියකට අදහස් දැක වූ මා හට ඒ මිතුරා මෙසේ සදහන් කොට තිබිණි
මට මතක හැටියට
මාතෘකාව ="සිවුරට බනින්න එපා ....ඇයි සිවුර උතුම්ද ?...යන ලිපියට මා අදහස් දැක්වූ වෙමු "එයට මිතුරාගේ පිළිතුර
/----------------------------------------------------------------------------/
"උබේ අදහස් උබේ බ්ලොග් එකක් හදා ගෙන කියා ගනින් ඔය ටෙක් මගුල අතහැරලා එහෙම නැත්තනම් ෆේක් නමකින් හරි ඇත්ත නමින් හරි අලුත් බ්ලොග් එකකින් වරෙන් මගේ බ්ලොග් එකේ මට ඕනෑ ඒවා ලියන්නේ "
/----------------------------------------------------------------------------/
නොමිලේ දෙන සේවාව වැරදි විදියට භාවිතා නොකරමු .
අද අප කටයුතු කරන්නේ බටහිර කරණයට ලක් වූ සමාජයකය බටහිර දේවල් වලට සහ ඒ දේවල් සංස්කෘතිය වැනි දේ මා ද අද වලද ගෙන සිටි.නමුත් ඔවුන් කරන හැම දේම අප කල යුතුද ?
අද මුහුණු පොතේ නොයෙක් ලින්ක් අප දකිමු. නොමිලේ දෙන සේවාව භාවිතා කරමින් වැඩිහිටියන්ට පමණයි බ්ලොග් අඩවි සිදුකර ගෙන යන බොහෝ සිටිති .එවැනි දේ සිදු කිරීම කිසිසේත් කිසි කෙනෙකු අනුමත නොකරන බව නම් සහතිකයි .
ඒවා සසින්ඩි වලින්ද බැහැර කරනු ලබයි.
නමුත් අවාසනාවකට මෙන් එවැනි මුහුණු පොතේ දමා තිබෙන ලින්ක් එකක් මත තට්ටු කොට ගියොත් එවැනි බ්ලොග් අඩවි වල සීය දෙසිය ඉන්නා බව දැකිය හැකිය.
වටිනා අධ්යාපනය ලබා දෙන බ්ලොග් අඩවි ඕනෑ තරම් තිබේ.නමුත් මේවා කියවන්නට එන්නේ ඉතා අඩු පිරිසකි. බොහෝ දෙනා කුණුහරුප අඩවි වලට යන්නේ ඔබත් මමත් දන්නා පරිදි ඉගෙන ගැනීමට තිබෙන බ්ලොග් අඩවි වලින් ස්වයං වින්දනය ලබා නොදෙන බැවිනි.
මුහුණු පොතේ දමා ඇති ලින්ක් එක
අපේ අඩවි වලටත් වැලක් දාමුද ? එත කොට කට්ටිය එයි.....................එසේ පැවසීමට ඔබ දෙපාරක් නොසිතන බව මා දනිමි.
අපේ අඩවියට පිරිස ගෙන්න ගන්න විභීෂණ සහෝදරයා මට උපදෙස් දුන් බව මතකය......./ එය ඉතා නොද දෙයකි.
ඇත්තටම ඇයි මේ වැඩිහිටියන්ට පමණයි බ්ලොග් අඩවි හදන්නේ ....... සමහරු ඒවා අතර ගුගල් වලින් ලබා දෙන වෙළද දැන්වීම් දමා ගෙන කියක් හෝ උපයන්න උත්සාහා කරයි. ඔවුන් කල්පනා කරන්නට ඇත්තේ එවැනි බ්ලොග් අඩවියක් හැදුවොත් වැඩි පිරිසකට කියා වෙළද දැන්වීමක් බලා ගත හැකිය සහ ඒ තුලින් කීයක් හෝ උපයා ගන්නටය...එසේ නොමැතිනම් ඒවා හදන එඋන්ගේ මානසික පර්ශ්නයකි.එසේ නොමැතිනම් සෙක්ස් යන දේට ඉතා ආශාකරන කෙනෙකි.නැතහොත උපතේ ප්රශ්නයකි.
එක අතකට උන්ට මේවා කියා වැඩක් නෑ .බටහිර දේ වැරදි දේ ඉතා ඉක්මනින් පැතිර යාම පවතින රජය වග බලා ගත යුතුය.එවැනි වෙබ් හෝ බ්ලොග් අඩවි වලට පිවිසීම ට නොහැකි වන සේ සකස් කිරීමට රජයට බලය ඇත.
දේශපාලනයට කඩේ යන උන්ගේ සහ උන්ගේ මතය සනාථ කොට බ්ලොග් අඩවි වල ලිපි ලියන එවුන් කතා කරන්නෙම සමාජයේ වැරදි සහ ඒවා අදා ගත යුතු බවයි.
වැරදි කරන එක පිලිබදව කතා කිරීම මා වැරැද්දක් ලෙසේ නොදකිමු. එය අනිවාරයෙන්ම එසේ විය යුතුය. විවේචනය කලයුතු තැන විවෙචනය කල යුතුය.
එසේම මවැනි දේ පිලිබදව කිසි විටක බ්ලොග් අඩවියකින් කතා නොකළ බව මගේ මතයයි .
දේශපාලනයට කඩේ යන එවුන්ට පවතින යහපාලනයට හෝ පවතී මහින්ද රාජපක්ෂගේ රජයට හෝ බන්නොතින් වහාම මල පනී ...සමහරවිට එකට බැනලා කොමෙන්ට් එකක් දමයි බැරි නම් කොමෙන්ට් එක මකා දමා එයට පිළිතුරක් දෙයි
මෙහිදී මා කිව යුත්තේ දේශපාලනය සහ එක එකාගේ ඕපාදුප ලියන බ්ලොග් අඩවි වලට නම් මා කිසි දෙත්ම කැමති නැති බවයි .එත් ඉද හිට හෝ එකක් දේකක් කියවනු ලබයි.
තව ටික කාලෙකින් ගුගල් බ්ලොග් සේවාව නොමිලේ ලබා දෙන එක නවත්වනු ඇත.
ඊට හේතුව බොහෝ වැරදි පිලිබදව ගුගල් වලට වාර්තා වී ඇත්තේ ගුග්ල් බ්ලොග් අඩවි සම්බන්දව බව එහි සාමාන්ය අදිකාරී බ්ලැකි හර්ම් මහතා පෙන්වා දෙයි.
නිකන් කන්න දුන්නම අපේ එවුන් වවාගෙන කන්න යනවා නේ "
එම නිසා තම පටු දේශපාලන අදහස් ඉදිරිපත් කිරීමට බ්ලොග් අඩවි භාවිතා නොකරමු.
තම පහත් ආශාවන් ඉෂ්ට කර ගන්නට බ්ලොග් අඩවි භාවිතා නොකරමු .
එත කොට කවුද මේ බ්ලොග් අඩවි බලන්න එන්නේ
අපේ බ්ලොග් අඩවි ප්රසද්ධ කර ගන්න අප බොහෝ දේ කරනු ලබයි. සින්ඩි වලට ද දමනු ලබයි.එමගින් හොද ට්රැෆික් එකක් ලැබෙනු ඇත කියා අප සිතනු ලබයි.
නමුත් සැබවින්ම අපේ බ්ලොග් එකක් බලන්න සෙනග එනවද ?
නෑ එහෙම එන්නේ නෑ මොකද මේ බ්ලොග් කියන දේ තවම ගොඩක් අය දන්නේ නැ අනිත් කාරණය නම් අප දුප්පත් රටක් වීමයි.වෙනත් රට වල අයට මෙන් අපේ ළමයින්ට පරිගණක හැමෝටම නැත.පරිගණක අධ්යාපනයක් නැත.
තිබුනත් ඒවා ඉගෙන ගන්නට වත් කමක් නැත.මටද මුලින්ම පරිගණකයක් ගන්න සල්ලි තිබුනේ නැත.
නිවසට කරදර නොකරමි.මා පරිගණක විද්යාව ඉගෙන ගන්නට ගොඩක් ආසා කල කෙනෙකි.මා කෙසේ හෝ මගේ නැයෙකු නොවන අයිය කෙනෙකුගෙන් පරිගණකයක් නොමිලේ ඉල්ලා ගත්තෙමු .මගේ තිබුන දක්ෂ කම ඊට හේතු වන්නට ඇත.
කෙසේ හෝ මා අන්තර්ජාලයේ සැරසරන විට සිංහලෙන් ලියාතිබුනු බ්ලොග් අඩවියක් වශයෙන් දුටුවේ සිතුවිලි .කොම් යන අඩවියයි.
එයත් බ්ලොග් ආවියක් විය යුතුය.ඩොමේන් නාමයක් ඊට එක් කල එකක් බව පැහැදිලිය. බ්ලොග්ස්පොට් යන කෑල්ල නැතුව .කොම් තිබුනේ එම නිසා විය යුතුය.
එම අඩවිය දුටු වුට මටද ඒ වගේ එකක් හැදීමට උවමනා විය.නමුත් එය කෙසේ කරන්නද කියා මා දැන සිටියේ නැත.
විජය පරිගණක පත්තරේ දුටු ලිපියකින් එය තරමක් දුරට දැන ගත් අතර එය තව දුරටත් පහදා ගත්තේ බදුල්ල ප්රදේශයේ දිනේෂ් මාර්වින් නමැති යාලුවෙකුගෙනි.ඉන් පසුව මා කෙසේ හෝ එවැනි තවත් බ්ලොග් අඩවි සොයා ඒවාගේ පල වූ "බ්ලොග් එකක් හදන්නේ කොහොමද "යන ලිපි මා කියවුවෙමි.ඒවායේ තිබුනේ සරල පාඩමකි බ්ලොග් එකක් හැදුවට එක ප්රසිද්ධ කරන්නේ කොහොමද කියා කිසිකෙනෙකු කියා දී තිබුනේ නැත.2010 වන විට එතරම් බ්ලොග් ප්රමාණයක් තිබුනේද නැත.
එබැවින් දන්නා අය ඒවා කියාදුන්නේ ගුරුමුෂ්ටි තියා ගෙනය
එය මා හට ඉතා ලොකු කලකිරීමටද හේතු විය කෙසේ හෝ මා වැඩේ අතහැරියේ නැත.බ්ලොග් එකක් හැදුවත්.මෙනු එක පවා මා දමා ගැනීමට දැන සිටියේ නැත.අනිත් හැම දේම දැන ගත්තේ ඉතා අමාරුවෙන් ය කෙසේ හෝ 2015 වර්ෂය දක්වා මා බ්ලොග් අඩවි පිලිබදව හොද අද්ධ්යනයක යෙදුනෙමු.දැන් මා සර්ව සම්පුර්න බ්ලොග් අඩවියක් සකසා ඇත.
ඔබ අද පිවිසියේ එම බ්ලොග් අඩවියටයි.
//==----------------------------------------------------==//

මා දන්නා දේ කියා දෙන්නට මම අමතක කලේ නැත. අද නම් බ්ලොග් එකක් හදන්නේ කොහොමද කියලා හැමෝම පොස්ට් වලින් කියලා දීලා තිබේ.නමුත් අංග සම්පුර්ණ බ්ලොග් අඩවියක් හදන්නේ කොහොමද කියලා මා පාඩම් මාලාවක් කළෙමු.
එය ඔබට උඩට ගියොත් බලා ගන්න පුළුවන් මෙනු බාර් එකේ.බ්ලොග් එකක් හදන විදිය යනුවෙන් සදහන් වෙන මෙනුව.........
හරි හරි දැන් ඇති දැන් මාතෘකාවට බහිමුකො එත කොට මේක බල්ලන්න එන්නේ කවුද ?
පිටින් නම් එන කෙනෙක් නැ මොකද අද හැමෝම භාවිතා කරන්නේ ස්මාර්ට් දුරකතනයක් මුහුනුපොතේ මෙන්ම හැම දේම භාවිතා කරන්නේ මේ දුර කතනයෙන් එත් මේකෙන් බ්ලොග් එකක් හොද නියම ආකාරයෙන් බලන්න බෑ.
ඒ නිසා බ්ලොග් කියවන්න එන අය අඩුයි.හැමෝම දන්නේ ඉන්ටෙර්නෙට් යනවා කියලා මුහුනුපොතේ මුළු දවසම ඉන්න විතරයි.
ඒ නිසා බ්ලොග් කියවන්න පාඨකයන් නෑ.
ඉන්නවා/............... වලේ ඉන්න ගෙම්බෝ ටික විතරයි............./ මාත් ඇතුළුව ඒ කියන්නේ බ්ලොග් කරන අය විතරයි. අපි අනිත් බ්ලොග් අඩවි වලට යනවා සමහර ලිපි කියවනවා සමහර ඒවා උඩින් පල්ලෙන් බලනවා කොමෙන්ට් එකක් දානවා .
එකට බ්ලොග් එකේ අයිතිකරුත් නැවත කොමෙන්ට් කරනවා.එයත් මෙයා කොමෙන්ට් කල නිසා මෙයාගේ එකට ගිහිලා බලලා කොමෙන්ට් කරනවා ඊට පස්සේ එයත් ස්තුති කරනවා බ්ලොග් එක බලන්න ආවට සහ කොමෙන්ට් එකක් දැම්මට එච්චරයි
හැමදාම ඔච්චරයි.......
ඊට එහා තමන්ට කියලා බ්ලොග් එකක් නැති පාඨකයා එන්නේ හරි අඩුවෙන් එහෙම එනවා නම් එක්කෝ බ්ලොග් එක කරන කෙනාගේ මුහුනුපොතේ යාලුවෙක් එහෙම නැත්නම් දන්නා කියන කෙනෙක් ://///" මචං මගේ බ්ලොග් එකක් තියනවා වරෙන්කො බලන්න ඇවිල්ල කොමෙන්ට් එකක් දාපං "''''මේක මටත් අයිතියි """"" අපි කවුරුත් තේරුම් ගත යුතු ඇත්ත ඔන්න ඕකයි.
© 2016 - ලිපියේ හිමිකම




1/ සදාචාරය අරක මේක ගැන කතාකරන්න එනවා නම් සේරටම කලින් තමුන්ගේ සදාචාරය පවත්වා ගැනීම කාරුණික වනන.
ReplyDeleteඔබේ කෙමෙන්ට් එකකට මම දුන්නාය කියා ඔබ හිතාගෙන ඉන්න ජාතියේ රිප්ලයි එකක් මම ලබාදී නොමැති බව කරුණාකර තේරුම් ගන්න.
පහතින් තියෙන්නේ මගේ පොස්ට් එකට දැමූ ඔබේ කමෙන්ට් එක සහ එයට මම දැමූ රිප්ලයි එකය.
Ushan Devinda11 April, 2016 11:32
අපේ ඇරපල්ලා අපි අරින්නේ නෑ කියන දෙයින් මා අදහස් කලේ මුසල් මානු අන්තවාදීන් අපේ පන්සල් කඩා දමමින් ඔඋන්ගේ පල්ලි ඒවා තුල දිකරමින් යන ගමන ගැනයි. එත් කිසිම පාලකයෙක් ඒවා ගැන කතා නොකරයි.අප කතා කොලොත් ජාති වාදියා කියයි. උන් අරිනකන් බලා ඉදීම අපේ දේශපාලනයේ හැටිනේ එකයි මම කියන්න ගියේ .
/..........අනිත් දේ තමා බේරුවල සිද්දියේ කුරුද පලමුවේනම් පා ගමනට ගල් ප්රහාරයක් එල්ල කලේ මුසල් මානුවෙක් නේ උන් සිංහල ගෙවල් ගිනි තිබ්බා කෝ උන්ට දඩුවම් එත් අපේ එකෙක් කොලා නම් මෙලෙහකට එල්ලා මරලා
අයි ඔබ අපෙන් වෙන වැරැද්ද විතරක් කතා කරන්නේ ඔබ කියනවා ජාතිවාදය හොද නෑ කියලා ඔඋන් කරන ජාති ආදී වැඩ ඔබට පෙනෙන්න නැතෙයි.
අනිත් කරණය නම් මුසල්මානුවන්ගේ සල්ලි වලට යට උන වටරැක විජිත් හිමි ජාතිය සාසනය පාවා දෙන හැටි වීඩියෝ වලින් නුබ නොදුට්වෙහිද මා මිතුර කෝ ඒවාට සංවාද
මෙතන මට පෙන හැටියට ඔබ යහපාලානේ විය යුතුය මහින්ද නඩේත් එක්ක තිබෙන තරහට ඔබ ඒ හිමියන්ගෙ පිටින් අරින්නයි ලෑස්තිය මෙතන තියෙන්නේ සාසනය පිරිහෙන කතාව නොවේ ඒ මතින් ඊට යටින් දුවන දේශපාලන තත්වයක් හැටියටයි මට පෙන්නේ කෙසේ හෝ වේවා හිත් අමනාප කම් නම් තියා ගන්න එපා මා මිතුරේ ..බුදුසරණයි !
විභීෂණ II11 April, 2016 12:16
@ USHAN
අපේ දේශපාලනය යනු අනුන් ලව්වා තමුන්ට නොව තමුන්ගේ මිනිස්සුන්ට ඇරවීමයි.
ඔය බේරුවල සිද්ධියෙදී උන් ගල් ගැහුවා, උන් අපේ එවුන්ගේ ගෙවල් ගිනි තිබ්බා .ඇත්ත.
එතකොට අපේ එවුන් මොනාද කලේ? ඇත්තම කිව්වොත් අපේ එවුන් මොනාද නොකළේ?
උන් ගල් ගහන එක , උන් අපේ එවුන්ගේ ගෙවල් ගිනි තියන එක උඹට වැරදි නම් අපේ කහකඩයෝ ගිහින් "තොපිට අබ සරණයි" කියලා මිනිස්සු අවුළුවන එක, අපේ එවුන් ගිහින් මුස්ලිම් ගෙවල් ගිනි තියන එක උඹට හරි ද? එතකොට වැරැද්ද තියෙන්නේ ඒ සිද්ධි වල ද උඹ ඇතුළෙද?
අන්න ඒ දේටයි විරුද්ධ වෙන්නේ.
//වටරැක විජිත් හිමි ජාතිය සාසනය පාවා දෙන හැටි වීඩියෝ වලින් නුබ නොදුට්වෙහිද මා මිතුර කෝ ඒවාට සංවාද //
--------වටරැක මොහොමඩ් විජිතයා මානසික රෝගියෙක් කියලා දන්නවා ඇතිනේ. ඌගේ වැඩ ගැන මට වැඩිපුර ලියන්න ලැබිලා නැති වුනත් මටත් කලින් ඉඳන් තියෙන දේශපාලන කාලීන සංවාද බ්ලොග් වල ඇති තරමට ඒ ගැන සංවාද කෙරී ඇත. වෙලාවක් ලැබුනොත් ඒ ජාතියේ බ්ලොග් ඇතුලේ පැරණි පොස්ට් වලට යන්න . ඕන තරම් හම්බවෙයි. ආපහු වතාවක් පොර එලි බැහැල බලු වැඩ කරන්න පටන් ගත්තොත් ලියන්න පුළුවන්.
ආ තව එකක්. උඹට දකින්න ඕන කරන විදියේ පොස්ට් අපේ අතින් ලියවෙන්නේ නැති වෙයි.[hi="yellow"] අපි කවුරුත් තව කාටවත් ඕන විදියට පොස්ට් ලියන්නේ නැහැ. උඹේ තර්කය උඹේම බ්ලොග් පොස්ට් එහෙකින් ගොඩනගන්න. එතනින් එහාට ආර්ගියුම්න්ට් කරන්න පුළුවන් අපි හැමෝටම.
ඔය ටෙක් බ්ලොග් එක පැත්තක දාලා වරෙන් අලුත් බ්ලොග් එහෙකින් ඔය නමින්ම හරි ෆේක් නමකින් හරි කමක් නැහැ.
අර එප රසික නානායක්කාර කියනවා වගේ "එන්න අපි කතා කරමු"
ඒ වගේ සංවාදයකට බොහොම සාදරයෙන් පිලිගන්නවා.[/hi]
"උබේ අදහස් උබේ බ්ලොග් එකක් හදා ගෙන කියා ගනින් ඔය ටෙක් මගුල අතහැරලා එහෙම නැත්තනම් ෆේක් නමකින් හරි ඇත්ත නමින් හරි අලුත් බ්ලොග් එකකින් වරෙන් මගේ බ්ලොග් එකේ මට ඕනෑ ඒවා ලියන්නේ "
Deleteමෙහෙම කතාවක් මම කිසිම තැනක කමෙන්ට් කර නැති බව කරුණ කර තේරුම් ගන්න.
ඔබ මගේ මතවාදයක් හා ගැටුනත් ඔබට සංවාදයකට එන්න ය කියලා සුහද සිතින් කල ආරාධනාව විකෘති මනසකින් තේරුම් ගැනීම ගැන මට බොහොම කනගාටුය. ඔබේ සංවාද ඔබ එක්කම තබා ගන්නා ලෙස මෙතැන් සිට ඔබට කියමි.
Deleteහරි හරි ඔබ නම් නියම මිතුරෙක් ඔබ ඔය කියා තිබු දේ ඇත්ත ඔබේ අඩවියේ ඔබ එසේ කොටලා තිබ්බේ නෑ ඔබ මගේ අඩවියේ තමයි මා ඉහතින් සදහන් කල දේ කොටා තිබ්බේ මාව අල්ල ගන්න කියන පිටුවේ/
Delete/------------------------------------------------------------------------/
එකනේ ඔබ මකා දැමුවේ.මට හොදට මතකයි ඔබ මෙසේ කියා තිබුනා මම හීනයක් දැකලා නෙමෙයි කොහොම කලත් ඔබේ හර්ද ශාක්ෂිය දන්නවා ඔබ එසේ කී බව මා හිතේ අමනාපයක් නෑ
අපි අද ඉදලා හෙට මැරෙනවා මේ බ්ලොග් ලබ්බකට මරා ගන්න ඕනෑ නෑ ...ඔබේ බ්ලොග් රෝලෙන් මගේ බ්ලොගය ඉවත් කල එකටත් මා අමනාප නෑ
මේ ලගදී මා හිතවත් අයෙකුගේ බ්ලොග් එකක පල වූ ලිපියකට අදහස් දැක වූ මා හට ඒ මිතුරා මෙසේ සදහන් කොට තිබිණි
Deleteමට මතක හැටියට
2/සිංහල බ්ලොග් කරුවන් කරනවා ය කියලා ඔබ සිතාගෙන සිටින දේවල් කරුණාකර තේරුම් ගන්න.
ReplyDelete3/ සිංහල බ්ලොග් අවකාශය මෙන්න මෙහෙම වෙන්න ඕනය අරහෙම වෙන්න ඕනය කියලා නීති හෝ රීති දාන්න කිසිම කෙනක් අවශ්ය නොවන බව තේරුම් ගන්න.
තම හිතු මතේ ඕනෑම දෙයක් ලීමට අයිතිය ඇතත් එය යම්කිසි සීමාවක තබා ගත යුතුය.
Delete4/ "ඕනනම් අපිට පුළුවන් ගූගල් එකට රිපෝර්ට් කරලා බ්ලොග් බ්ලොක් කරන්න "ය, "එහෙම බ්ලොක් කරපු බ්ලොග් ඕන තරම් තියෙනවා "ය වගේ මදාවි පාට් අපි ගණන් නොගන්නා බවත් මේ බ්ලොග් නැති වුනාය කියලා අපිට නැතිවෙන කිසි දෙයක් නැති බවත් දැන ගන්න.
ReplyDelete5/බ්ලොග් වලින් දෙන්න ඕනා "දැනුම" යයි ඔබ කිව්වත් "දැනුම" කියන්නේ මොනවාද කියා ඔබ දැනුවත් නැති බව ඔබේ රචනාවෙන් අපිට තේරුම් යයි.
ReplyDeleteඔබේ අඩවියේ හරි අඩක් ලියා තිබෙන්නේ දැනුමට හරි යන දේවල්ද දේශපාලනය ඕපාදුප යනු දැනුම නොවන බව දැන ගන්න
Deleteබ්ලොග් එකක් හැදුවාය කියලා බ්ලොගර් කෙනෙක් නොවන බව තේරුම් ගන්නා ලෙසත් ඔබ තරම් තාක්ෂණික දැනුම නොමැති වුනත් අර ගැජට් මේ ගැජට් වැඩකෑලි නැතුව වුනත් බොහොම සාර්ථකව අවුරුදු ගානක් තිස්සේ සිංහල බ්ලොග්කරණයේ යෙදෙන අය ඕන තරම් ඇති බව දන්නේ නැත්තන් දැන ගන්නා ලෙසත් කියන්න කැමතිය.
ReplyDeleteඑතෙක් ඔබේ ඔය මහා ලොකු දේශනා ටික වෙන කාට හරි කියාගන්නා ලෙස ඉල්ලමි.
එහෙනම් බොහොම ස්තුතියි..සංවාදය අවසානයි.
ඔබේ අදහස් වලට මා ගරු කරනවා මම ඔබ ඉහතින් සදහන් කල කිසි දෙයක් නොදන්නවා නොවේ එසේ දැනගෙන තමා මේ ලිපිය ලියුවේ මට මා මෙම ලිපිය තුලින් කිසිම බ්ලොග් අඩවියකට පහර වදින ලෙසින් කිසිවක් කියා නොමැත./--අසබ්ය බ්ලොග් වලට හැර../
Deleteකොහොම නමුත් ඔබ නම් නහර කාරයෙක් කියලා දැනගත්තෙමි ඉක්මන් කේන්තිය හොද නෑ
බ්ලොගර් කෙනෙක් වෙන හැටි මට කියලා දෙනවද ?මම ආසයි ඉගෙන ගන්න
Deleteමේවා අහල පන පලයං ලබනසුමානේ
ReplyDeleteඇයි එහෙම කියන්නේ
Delete//පළමුවෙන්ම මෙහි පැමිණීම පිලිබදව මෙම බ්ලොග් අඩවියේ අයිතිකරු වශයෙන් ස්තුති වන්ත වෙමි//
Deleteදිගටම ලියන්න උෂාන් , තව කාලයක් යනකොට සියල්ල හරියටම තේරේවි , මම මොකවත් කියන්නේ නැ මීට වඩා , මොකද මාත් දැනගත්තේ කියවීම ලිවිම සහ බ්ලොග් එක්ක ජිවත් විම සහ ( ජීවත් වීමෙන් )
කරුනු ගෙනහැර දැක්විම පලක් නැ
මොකද මාත් එහෙමයි ( ඉස්සර )
මම මේ ලියලා තියන දේවල් වැරදිද කියලා මට කියන්න
Deleteඔහේ පලයන් මේ මරගාතේ
Deleteඋෂාන්...............
ReplyDeleteඋත්සහය අගය කරනවා. අපි කියන්නේ දිගට ම ලියන්න සහ දිගට ම රැදෙන්න කියලා තමා. ඔබ දේශපාලනය හෝ යම් දෙයක් ඉලක්ක කරලා ලියන අයට වරදක් කියනවානම් එ්කට එකග වෙන්න බැහැ. බ්ලොග් කියන්නේ අනික් සමාජජාල අඩවි වලට සාපේක්ෂව වෙනස් තැනක් තමා. තව ටික කාලයක් අපි දිගට ම ලියමු. එතකොට ගොඩක් දේවල් වෙනස් වෙනවා දකින්න හැකි වේවි.... මොනවා වුණත් ඔබේ අදහස් වලට ගරු කරනවා...
ජයවේවා
බොහොම ස්තුතියි යාලුවා.............මම ලියන එක නවත්වන්නේ නෑ
DeleteGood post Bro... Agreed...
ReplyDeletethank you about understand me
Deleteමචං ඉස්සරෝම කියන්න ඕන
ReplyDeleteබ්ලොග් කියන්නෙ පාඨකයා ඉල්ලන දේ නෙවී... ඒත් පාඨකයන්ගේ ඉල්ලීමට ගරු කරල ඒ දේවල් දෙන බ්ලොග් ඕන තරම් තියෙයි. බ්ලොග්ස් කියන්නෙත් පැතිරුණ අදහස් ප්රකාහ කිරීමට ඇති සමාජ ජාල අවකාශයක් පමණයි. තමන්ට කැමති දෙයක් ලියන්න පුලුවං. ඒ කියන්නෙ මේ අවකාශය තුල නීති රීති ලෙස තියෙන්නෙ තමන් විසින් පනවා ගත යුතු සදාචාරාත්මක නීති රීති පමණයි. අනික් කාරනය තමයි ඔබ කියනවා වගේ ගොසිප් සයිට් වල තියෙන විගඩං කුණුහරුප. ඒව එක එක්කෙනාගෙ පහත් ආශාවන් පමණයි. සියල්ල මැදිහත් සිතින් සිතල මිනිස්සු මේ වගේය කියල අවබෝධ කරගන්න.ඔබ හරි පාරෙ යන්න. සමාජයට දිය යුත්තක් තියේ නම් දෙන්න.. අනික් අය කරන දේ ගැන සිතා වදවීම බ්ලොග් අවකාශය තුල ඔබව අවුල් කරන්න පුලුවං.
උඩ අටංපහුක කියල තියෙනව වගේ මේ දේවල් ඔබම තේරුං ගත යුතුයි. කිසිවෙකුට තේරුං කර දිය නොහැකී..