අද සිට අප අලුත් නමකින් සහ අලුත් තැනක
කොහොමද හැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා එක සිතින් පාර්ථනා කරනවා.
මම මේ ලිපිය ලියන්නේ හොගේම දැන ගැනීම පිණිස අපි දැන් අවුරුද්දක් විතර වෙනවා බ්ලොග් එක පටන් අරන් ඒ කාලය තුල විවිද කඩා වැටීම් හැල හැප්පීම් වලට මුහුණ දෙන්න පුළුවන් උනා..
"ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය"
හි හි කමක් නෑ
කොහොම හරි මෙතරම් දුරක් ආවේ ඔයාලගේ උදවුවෙන් ඒ නිසා හැමෝටම ස්තුතියි කරන්න මම මේක
අවසථාවක් කර ගන්නවා.
මාතලන්.අටම්පහිය,කුරුටු සින්ඩිය,තිබිරි ගෙය,අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය,lcd led blog reader එක මේ වගේ එකී නොකී සියලු දෙනාම මේ වෙලාවේ මතක් කරනවා.ඒ වගේම සොෆ්ට්වෙයාර් ලන්තය. එයත් මට ගොඩක් උදවු කළා ඉතින් මේ හැමෝටම බොහොම ස්තුතියි මේ තරම් දුරක් එන්න වුදවූ කලාට
කලින් නම් බ්ලොග් එකක් බලන්න කිසිකෙනෙක් හිටියේ නෑ නමුත් දැන් අදහස් එක දෙක වැටෙද්දී හිතට පොඩි සතුටක් නැතුවාම නෙමේ
ඉතින් අද සිට මගේ කලින් තිබුණු බ්ලොග් ලිපිනය වෙනස් වෙනවා.
"පරිගණක තාක්ෂණයේ මෘදුකාංග නිවස"
topnetsystem.blogspot.com මේක වෙනස් වෙනවා topsybur.com (මේ අලුත් නාමය තවම activate වෙලා නෑ. )
ඉතින් මේක සින්ඩි වලට නැවත දැනුම් දෙන්නත් වෙයි.
කමක් නෑ ඉතින් අලුත් නමත් එක්ක තව දිගු ගමනක් ඔයාලා දන්නා නොදන්නා හැමදේම ඔයාලට කියලා දෙමින් යන්න මා බලාපොරොත්තු වෙනවා ඒ නිසා ඔයාලා ගේ වුදවූ මට ඉස්සරහටත් ඕනෑ.
ඒ වගේම කොම්පුටර් ගැන ගොඩක් කියලා දුන්නු දිනේෂ් අයියා එය මේ දවස් වල ලංකාවේ නෑ එයාටත් ගොඩක් ස්තුති වන්ත වෙනවා සහ ආදරයෙන් මතක් කරනවා
අවසාන වසයෙන් කවුරු හරි මතක් කරන්න බැරි වුනා නම් සමා වෙන්න කියලා කියනවා එහෙනම් ආයෙත් හමු වෙමු හැමෝටම ජය වේවා!
පසු වදන
//--------------------------------------------------------------//
කලින් තිබුන බ්ලොග් අච්චුව වෙනස් කලේ අලුත් නම දාන්න ඕනෑ නිසා එක මාස දෙක තුනකට කලින් වෙනස් කරන්න එපාය කොච්චර වැඩ තියනවද? අයි නම් මේ බ්ලොග් අච්චුව වෙනස් වෙන්නේ නෑ(මොනවා හරි උනේ නැත්නම් )
"ඉවසන දනා රුපු යුදයට ජය කොඩි ය
මෙය කිවූ එකාගේ කට කෑවත් මදි ය
ඉකමන් උන එකා ලග බ්ලොග් හත අට ය
බ්ලොගයක් නැති මෙමා තවමත් කොට උඩ ය
ඔහොම කියපු කාලෙකුත් තිබුනා මට...................




දැන් එතකොට බ්ලොගය ආයෙම අප්ඩේට් වෙන්නැතෙයි........ අපේ සින්ඩියේ බ්ලොග් සින්ඩියක් විදිහට කරගෙන යන නිසා වෙබ් අඩවියක් දාගන්න එකයි ගැටලුව........
ReplyDeleteලිපිනය අලුත් උනා කියලා rrs එකත් වෙනස් වෙනවද කියලා මම දන්නේ නැ මචං update වෙන්නේ නැතිව යයිද?
ReplyDelete