මයික්‍රොසොෆ්ට්හි නවතම පුළුල් තිර රුපවාහිනිය සැප්තැම්බරයේ නිකුත් වෙයි.


රුපවාහිනී තාක්ෂණය යනු මෑත කාලයේ සිඝ්‍රෙයෙන් දියුණු වෙමින් පවතින්නකි. විවිධාකාර අංගෝපාංග ඒහා ඈදෙමින් නවීන මාදිලියේ නිර්මාණ 
එලිදැක්වීමට ප්‍රධාන පෙලේ ආයතන සමත්ව තිබෙනවා. මයික්‍රාසොෆ්ට්හි මෙම නව රුපවාහිනි තාක්ෂණයද එවැන්නකි.  
මයික්‍රොසොෆ්ට්හි නවතම හඳුන්වාදීම වන අගල් 84 ටච්ස්ක්‍රින් රුපවාහිනිය සැප්තැම්බරයේ එලි දැක්වීමට නියමිතයි. මෙම යෝධ  
තිර රුපවාහිනිය වින්ඩෝස් 10 මගින් ක්‍රියාත්මක වන අතර මිල ඇ.ඩෝ.20,000ක් වේ. මෙම දැවැන්ත නිෂ්පාදනය  වීඩියෝ සාකච්ඡා 
වලදි එනම් වීඩියෝ කොන්ෆරන්සින් වල නැවුම් පෙරලියක් සිදු කරනු ඇත.


මෙම උපාංගය පරිගණකයක් ලෙස නිර්මාණය කර ඇති අතර එහි ඇති එච්.ඩී කැමරා දෙකකින් මුළු කාමරයම විඩියෝ කොන්ෆරන්ස් සඳහා
වීඩියෝගත කෙරේ. මෙහි ආදාන හෙවත් ඉන්පුට් කිහිපයක් ඇති අතර වයර්ලස් ප්‍රෙජක්ෂන්, එච්.ඩී, එම්.අයි.එන්, එෆ්.සී, බ්ලුටූත් සහ උපාංග
සම්බන්ධ කිරිමට පෝට්ස්ද ඇත. එසේම ඔබට තිරය මත පැනක් මගින් ඇඳීම සිදුකල හැකි අතර එය ඩිජිටල් ඉන්ක් ආශ්‍රයෙන් සිදුකල හැක.

සර්විස් යබ් සංකල්පය ඔස්සේ දෘඩාංග, මෘදුකාංග සහ ක්ලව්ඩ් සේවාවන් පාදක කරමින් මෙම නව නිෂ්පාදනය සිදුකොට ඇත. එය සාම්ප්‍රදායික 
රුපවාහිනියට අභියෝග කිරිමට සමත් විය. එසේම මෙහි ඇති උසස් ස්පර්ෂක හැකියාව නිසා ස්පර්ෂක ලක්ෂ්‍ය හෙවත් ටච්පොයින්ට් 100ක්
නිවැරදිව හඳුනාගත හැකි නිසා බොහෝ දෙනෙකුට එකවිට තිරයේ වැඩ කිරීමේ හැකියාව ඇත.


මෙහි වින්ඩෝස් 10, ස්කයිප් ෆෝ බිස්නස්,ඔෆිස්, වන්නෝට් සහ විශේෂිත වින්ඩෝස් ඇප්ස් යොදාගෙන ඇත. මයික්‍රොසොෆ්ට් සර්ෆෙස් හබ්, 
මයික්‍රොසොෆ්ට් ඇප්ස් වන වර්ඩ්, එක්සෙල් සහ පවර්පොයින්ට් මෙන්ම වන්නෝට් වයිට්බෝඩ් සහ ස්කයිප් ෆො බිස්නස් මගින් ක්‍රියාත්මක වේ.

Comments

Popular Posts