Sniper Gost Warrior free download
වීඩියෝ ගේම් මේවන විටත් ඉතා ප්රසිද්ද දෙයක් බවට පත් වී තිබේ ඔබත් මේ ලිපිය කියවන විට වීඩියෝ ගේම් එසේත් නැති නම් පරිගණක ක්රීඩා සෙල්ලම් කොට ඇති බව සැකයක් නොමැත.
පරිගණක ක්රීඩාවක් ක්රීඩා කරද්දී අප බලාපොරොත්තු වෙන එක් කරුණක් වන්නේ එම ක්රීඩාවේ තාත්වික භාවයයි. අප සැබවින්ම එම ලෝකයේ එසේත් නැතිනම් සත්ය යුද්දයක් සිටිනවා යයි හැගෙන වා නම් අප ඊට ඉතා කැමතියි.
අප යම් කිසි පරිගණක ක්රීඩාවක් ක්රීඩා කරද්දී එසේ දැනෙනවා නම් එය සැබවින්ම හොද පරිගණක ක්රීඩාවකි
අද ලෝකයේ බොහෝ තරුණ පිරිස් මෙම වීඩියෝ ක්රීඩා ක්රීඩා කිරීමට පෙලබී ඇති බව නොරහසකි.
අනෙත් කාරණය නම් ඉතා හොද ග්රැෆික් තත්වයක් එම පරිගණක ක්රීඩාව තුල තිබිය යුතුය.
එවැනි ඉතා හොද තත්වයේ ගුණාත්මක පරිගණක ක්රීඩාවක් අද ඔබට නොමිලේ ලබා ගත හැකිය.
දැන් මා ඔබට කුමක් ද ලබා දෙන්න යන්නේ කියන වග ඔබ හොදින් දන්නවා ඇති ඉහත පින්තුරය දෙස බලන්න එය ඉතා හොද මට්ටමේ ක්රීඩාවකි.
ඔබ දැනටමත් මෙය ක්රීඩා කොට ඇති සමහර විට නැතුවා වන්නට පුළුවන් (දන්නෝ දනිති)එසේත් නැති නම් ඔබ ගේම් පිස්සෙක් වෙන්නත් ඇති.
මමද ඔය කියන පරිගණක ක්රීඩාවන්ට ඉතා තදින් ඇබ්බැහි වී සිටියෙකි (නිකන් කුඩු වලට වගේ ) හි හි
මම කුඩු ගහලනම් නෑ රජෝ හරි හරි
මම දෙන්න යන්නේ අද ඔයාලට Sniper Gost Warrior තමා මෙය ඉතා හොද තත්වයේ පරිගණක ක්රීඩාවකි.
මෙම ක්රීඩාවේ තත්වය පිලිබදව විමසමු
ඔබට මෙම ක්රීඩාවේ හරි අඩක් ක්රීඩා කිරීමට සිදු වන්නේ තනියමයි පලවෙනි mission එකේදී ඔබට පුහුණුවක් ලබා දෙන අතර කැමති නම් එය අත හැරීමටද ඔබට පුළුවනි.
අවශ්ය තැනදී save කිරීමේ පහසුකම් ඔබට ලබා දී ඇත.
මෙහිදී ඔබට spotter කෙනෙක් ලැබෙන අතර ඔහුගේ ද සහය ඇතිව පළමු mission එක සම්පුර්ණ කිරීමට හැකිය
මෙහිදී ඔබ නිවැරදි තීරණ හැකි හැම විටම ගැනීමට කල්පනා කාරී වන්න. සතුරා සිටින්නේ කැලය තුල සැගවී ගෙනය ඇතැම් අවස්ථාවල ගල් කුළුණු මත මෙන්ම ගස් පදුරු තුලද සතුරා සැගවී සිටි.
හැකි හැම විටම නිවැරදි තීරණ ගැනීම ඔබේ මරණය පමා කරවයි. මා කලින් සදහන් කළ ආකාරයට ඔබට තනියම mission සම්පුර්න කිරීමේ ප්රවනතාව වැඩිය එහිදී කිසිවකුගේ සහයක් ඔබට නොමැත.
සතුරකුට කදු මුදුනකදී වෙඩි තැබීමේදී ඉතා සැලකිලි මත විය යුතුය.සුළගේ වේගය සතුරා සිටින දුර ඔබේ උණ්ඩය කෙතරම් සාර්ථකව නිවැරදිව සතුරාට එල්ල්වනවාද යන්න සලකිල්ලට ගත යුතුය
සුළගේ වේගය වැඩි නම් උණ්ඩය යන දිසාව වෙනස් විය හැකිය.හැකි හැම විටම සතුරා මග හැර යන්න. ඔබේ ඉලක්කය සාමාන්ය සොල්දාදුවන් මැරීම නොවන වග මතක තබා ගන්න .ඔබේ ඉලක්කය විය යුත්තේ කළු සුරුට්ටුව බොන තඩි ලොක්කා මැරීම බව මතක තබා ගන්න
කිහිප විටක් ඔහු නුලෙන් ඔබේ sniper ප්රහාරයෙන් බේරෙන අතර දිගටම ඔහු සිටිනා තැන සොයා යන්න
මතක තබා ගන්න sniper වරයකුගේ කාර්ය බාරය ඉතා රළු එකක් ඇතැම් අවස්ථා වලදී ඔබට පැය ගණන් දින ගණනක් එක දිගට එක ම සතානයේ රැදී සිටිමට් සිදු වේ.බිම දිගා වී හෝ ඉදගෙන හෝ එකම ඉරිඅවුවෙන් සිටීම ඉතා හොද sniper වරයෙකුගේ සමත් කමයි
මෙහිදී ඉවසිලිමත් බව ඉතා වටිනා කාරණයක් ඉවසීම ප්රගුණ කිරීමට මෙම පරිගණක ක්රීඩාව ඉතා හොද එකක් කියලයි මටනම් හිතෙන්නේ
මෙම ක්රීඩාව මා පස් හය වතාවක් ඉවර වෙනකම් මා සෙල්ලම් කල වග මතකය ඒ කිසිවක් නිසා නොව මෙම ක්රීඩාවේ තිබේන තාත්වික භාවයටත් අලංකාර පරිසරයටත් මා ඇලුම් කල නිසාවෙනි.
ඔබ සමග පැමිණෙන spotter කියන දේ පමණක් සිදු කරන්න
ඔබ ඉවසා බලා නොසිටියහොත් ඔබට සිදු වන්නේ ඉතා ඉක්මනින් මරණය කැන්දා ගන්නටයි.
| ||||
| ||||
| ||||
| ||||
|
| |||
|
මෙම පරිගණක ක්රීඩාව දැන් ඔබට බා ගන්න පුළුවන්
© 2016 - ලිපියේ හිමිකම












Comments
Post a Comment