බ්ලොග් එකක් සඳහා නිවැරදිව domain එකක් සෙට් අප් කර ගනිමු

මෙම ලිපියෙන් අවදාරණය කරන්නේ

1. නිවැරදිව domain  එකක් සෙට් අප් කරගන්නා ආකාරය
2. නිවැරදිව sub-domain  එකක් සෙට් අප් කරගන්නා ආකාරය


 domain  එකෙයි, sub-domain  එකෙයි වෙනස මොකක්ද කියලා? මම කියල දෙන්නම්.

domain එකකට උදාහරණයක් තමා www.topsybur.com sub-domain එකකට උදාහරණයක් ලෙස www.blog.topsybur.com දක්වන්න පුළුවන්.sub-domain එකක් domain එකක් ඇතුලෙම අපිට හදා ගන්න පුළුවන්.

ඔබ domain එක  බ්ලොග් එකට භාවිතා කරන්න සැලසුම් කලත්, sub-domain  එකක් බ්ලොග් එකට භාවිතා කරන්න සැලසුම් කලත් කිරීමට අවශ්‍යය දේ එක වගේමයි. මුලින්ම කල යුත්තේ ඔබ domain එක ගත්ත වෙලෙන්දා ඔබට ලබාදුන් පාලක පුවරුව(control panel) වෙත යාමයි. එහි ඇති "dns manager" වැනි නමක් ඇති සබැඳුමට(ලින්ක්) යාමෙන් ඔබට domain sub-domain සාදාගන්නා තැනට යා හැකියි.



ඔබ පාවිච්චි කරන්නේ goDaddy නම් එහිdashboard එකේ More settings තෝරන්න.
ඉන් පසු DNS manager වෙත යන්න.
ඔබ settings හදන්නේ cPanel එකක නම්Advanzed DNS Editor Zone වෙත යන්න.

මේ තියෙන්නේ cPanelහි DNS edtitor එක

එහිදී ඔබට කිරීමට ඇත්තේ ඉතා සුළු දේවල් කීපයක්.අවශ්‍ය පරිදි A name හා CNAME records සකස් කිරීමෙන් ඔබට පහසුවෙන්ම domain/sub-domain එක set up කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි හිතමු ඔබට ඔබේ blogger blog එකට දෙන්න ඕන ලිපිනය www.topsybur.com කියලා. එවිට ඔබ කරන්න ඕන පලමු දේ තමා topsybur.com කියන ලිපිනයට A Name record හතරක් හදන එක( www.topsybur.com කියලා නෙමෙයි හදන්න ඕන, sybur.info කියලයි). හදන්න ඕන record හතර හා ඒවට අදාල IP address තමා මේ.

A name record එකක් එකතු කරන හැටි



Name: topsybur.comTTL:14400Type: ARecord: 216.239.32.21Name:  topsybur.comTTL:14400Type: ARecord: 216.239.34.21Name:  topsybur.comTTL:14400Type: ARecord: 216.239.36.21Name: topsybur.comTTL:14400Type: ARecord: 216.239.38.21හරි, දැන් අපි අපේ domain name එක google ලගේ servers ටිකකට redirect වේන්න හදලයි තියෙන්නේ( අපි උඩ දුන්න IP address හතර google ලගේ). දැන් කවුරු හරි "topsybur.com " කියලා address bar එකේ ලියලා ඔයාගේ site එකට එන්න හැදුවොත් එයාව forward වෙනවා google ලගේ server එකකට( මේක ඉතිං මෙහෙම කිව්වට දැන්ම මෙහෙම වෙන්නේ නෑ, මොකද අපි හදපු settings අන්තර්ජාලයේ හරි හැටි ක්‍රියාත්මක වෙන්න අඩුම ගානේ පැය 4ක් වත් යනවා).එතකොට කවුරුහරි www. topsybur.com කියලා ගැහුවොත් මොකද වෙන්නේ? ඕගොල්ලෝ සමහරවිට හිතයි වෙනසක් නෑ නේද sybur.info කියලා ගැහුවත් www. topsybur.com කියලා ගැහුවත් කියලා.ඇත්තටම් අන්තර්ජාලයේදී මේ දෙක ලිපින දෙකක් හැටියටයි ගනන් ගැනෙන්නේ. ඒක නිසා අපි settings හදන්න ඔන කෙනෙක් www.topsybur.com කියලා ගැහුවම එයාවත් topsybur.com වෙතම යන්න. කොහොමද ඉතිං මේක කරන්නේ? හරිම පහසුයි. ඔබට කරන්න තියෙන්නේ cName record එකක් දාන එක විතරයි. 

cName record එකක් දාන හැටි



Name: wwwTTL:14400Type: CNAMERecord: ghs.google.comදැන් කවුරුහරි www.topsybur.com  කියලා adddress bar එකේ ගැහුවම එයාවත් googleලගේ server එකක් වෙත redirect වෙනවා. හරි, දැන් ඉතිං වැඩේ ඉවරද? නෑ නෑ, තාම නෑ. අපි settings හැදුවේtopsybur.com කියලා ගැහුම google ලගේ server එකකට යන්න විතරනේ. ඔය server එකේ තියෙන්නේ ඉතිං අපේ blog එක විතරක්යැ. තව blog කී දාහක් නම් ඕක ඇතුලේ ඇද්ද? ඉතිං අපි කොහොමද topsybur.com අපේ blog එකටම යන්න හදාගන්නේ. ඒකට blogger වල settings වලින් වැඩක් කරන්න වෙනවා.( මේ පියවරට යන්න කලින් පැය 4ක් 5ක් යන්න අරින්න අපි කලින් හදපු AName හා cName records හරියට හැදෙනකන්). Blogger dashboard එකේ Settings වල publishing වලට යන්න. එතන ඇති Custom domain කියලා link එකක්. ඒක තෝරලා Advanced settings වලට යන්න. එතන තියන Your Domain කියන තැන අදාල ලිපිනය ලියන්න. (මේ උදාහරණයට අදාලව නම් ලියන්න ඕනේ  topsybur.com කියලා) මෙතනදී ලිපිනය දෙනකොට www කොටස අනිවාර්යෙන්ම යොදන්න.( මේ උදාහරණයේ හැටියට නම් www.topsybur.com ). ඊට පස්සේ එක පාරක් "save settings" button එක ඔබලා page එක reload කලාම ලිපිනය යටින් option එකක් මතුවෙයි " Redirect  topsybur.com  to www.topsybur.com කියලා. ඒකට හරියක් දාන්න.ඊට පස්සේ ආයි "save settings" ඔබන්න. හරි....! එච්චරයි කරන්න තියෙන්නේ...!. 




Sub-domain එක හදා ගන්නෙත් මේ විදියටමයි. එකම වෙනස domain name එක දාපු හැම තැනකටම sub-domain name එක දාන එකයි. උදාහරණයක් විදියට අපිට පාවිච්චි කරන්න ඕනේ blog.topsybur.com  කියන sub-domain එකනම් කලින් පියවර වල topsybur.com කියලා දාපු හැම තැනටම blog.topsybur.com කියලා දාන එක විතරයි තියෙන්නේ. 

සමහර වෙබ් අඩවි වල තියනවා sub-domain හදනකොට AName හදන්න ඕනේ නෑ, cName විතරක් හැදුවම ඇති කියලා. නමුත් එහෙම කලොත් ඔබේ blog එකේ feeds අවුල් යන්න පුළුවන්. එම නිසා AName record හතරකුත් හදන එක කෝකටත් ඇඟට ගුණයි.

මුලාශ්‍ය=https://sites.google.com/site/wwwcsampath824com/d-4

Comments

Popular Posts