සුපිරි ස්මාට් දුරකථනය
ස්මාට් ෆෝන් ලෝකයේ ආධිපත්යය දිනාගත් සෙන්පතිවරු කිහිප දෙනෙක්ම වෙති. එයිනුත්, රජකම සඳහා ප්රධාන සටන ඇත්තේ ඇපල් සහ සැම්සුන් යන සමාගම් අතරයි. එසේම HTC, Motorola, Sony, LG යනාදී සමාගම් ද ස්මාට් දුරකථන ලෝකයේ දැවැන්ත බල කණුවේ. සාමාන්යයෙන් එක් සමාගමක් විසින් නවතම ස්මාට් දුරකථනයක් හඳුන්වා දුන් පසු එයට තරඟයක් දීමට අනෙක් සමාගමකින් තවත් දුරකථන මාදිලියක් ඉදිරිපත් කෙරෙයි. මේ තරඟ බිමේ සටන් වදින්නේ සුප්රසිද්ධ නමගිය සමාගම් කීපයක් වන නමුත්, වැඩිපුර අසා නොමැති, වැඩි ප්රසිද්ධියක් නැති දුරකථන නිෂ්පාදන සමාගමක් විසින් නිපදවන ලද අළුත්ම සුපිරි ස්මාට් දුරකථනයක් නිසා මේ දැවැන්තයන් සියල්ලම දැන් පසුපසට ගොස් තිබේ.
Oppo නම් දුරකථන සමාගම විසින් නිපදවන ලද මේ නවතම ස්මාට් ෆෝන් හැඩකාරයා හඳුන්වන්නේ Oppo Find 5 යන නමිනි. ඉතාමත් නවීන තාක්ෂණික අංග හා හැකියාවන්ගෙන් යුත් මෙය ආකර්ශණීය නිපයුමකි. ස්මාට් ෆෝන් ලෝකයේ නවතම ප්රවණතාවය වන විශාල තිරයක් මෙය සතුයි. එහි ප්රමාණය අඟල් 5 ක් වන අතර පික්සල 1920x1080 විභේදනයක් එය සතුවේ. මේ සුපිරි තිරය Full HD 1080p සඳහා අනුකූල වන අතර 441 PPI අගයකින් යුතුවේ. මෙම තිරය Corning Gorilla Glass 2 ආවරණයකින් සුරක්ෂිත කර තිබේ.
මේ සුපිරි තිරය සහ විශිෂ්ඨ රූප දසුන් වලට අමතරව වෙනත් හැකියාවන්ගෙන්ද Oppo Find 5 ඉදිරියෙන් සිටී. මෙහි ප්රොසෙසරය Quad-core 1.5GHz Qualcomm APQ8064 වර්ගයේය එකක් වන අතර 2GB RAM මතකයකින් සමන්විත වේ. අභ්යන්තර මතක ධාරිතාවය 16GB වේ. NFC සහාය, WiFi සහ Bluetooth සම්බන්ධතා, දිගුකල් පවතින 2500mAh බැටරිය සමගින් ඇන්ඩ්රොයිඞ් 4.2 Jelly Bean මෙහෙයුම් පද්ධතිය මේ සුපිරි ස්මාට් දුරකථනයේ වෙනත් විශේෂාංග අතර වේ. මෙහි කැමරාව 12MP යැයි සඳහන් වේ. මේ විශේෂතා සියල්ල aluminum unibody ආකාරයේ මන බඳිනා බාහිර ආවරණයක් මගින් දරා සිටී. මුළු දුරකථනයේම ඝණකම මිලිමීටර 6.9 කි.
Oppo Find 5 දුරකථනය ඩොලර් 500 කට පමණ මිල කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සිය වෙළඳපොල පුළුල් කර ගැනීමට Oppo සමාගම බලාපොරොත්තු වන අතර ඒ සඳහා මේ නවතම ස්මාට් දුරකථනය කදිම ආකර්ශණයක් වනු ඇතැයි සිතිය හැකියි. ඇපල්, සැම්සුන් වැනිදැවැන්ත සමාගම් වලින් නිකුත් කරන නවීනතම ස්මාට් දුරකථනයන් පවා පරදවා යන තරමේ සුපිරි හැකියාවන්ගෙන් යුත් මේ Oppo Find 5 ස්මාට් දුරකථනය නිසා අනාගතයේ ස්මාට් ෆෝන් වෙළඳපොල තව තවත් උණුසුම් හා තරඟකාරී වනු ඇති බව පෙනෙන්නට තිබේ...




Comments
Post a Comment