ඩොංගල් එක Unlock කරගනිමු

ලංකාව තුළ බොහෝ දෙනෙක් අන්තර්ජාලය හා සම්බන්ධ වීම සඳහා භාවිතා කරන්නේ ඩොංගල් නමින් හැඳින්වෙන සිම්පතක් යොදාගන්නා Pen Drive එකක් වැනි උපාංගයයි. ඔබටත් ඩොංගල් එකක් ඇතිනම් එය බොහෝ විට Lock කර ඇතුවාට කිසිදු සැකයක් නැහැ. ඔබ යම් කිසි දුරකථන සේවා සමාගමකින් අන්තර්ජාල සිම්පතක් හා ඩොංගලයක් මිළදී ගත් විට ඔබට එම ඩොංගලය භාවිතා කරන්නට හැකි වන්නේ එම අදාළ සමාගමේ සිම්පතක් සමග පමණයි. වෙනත් ජාලයක සිම්පතක් සමග ඩොංගලය භාවිතා කිරීම Block කර තිබෙනවා. මේ ආකාරයෙන් එක් ජාලයක සිම්පත් පමණක් භාවිතා කළ හැකි ආකාරයෙන් ඩොංගලය සීමා කර තිබීම පාරිභෝගිකයන් වන ඔබගේ පැත්තෙන් ගතහොත් යම් අවාසියක් ලෙස ඔබට පෙනී යනු ඇති. ඉතින්, ඔබ සතුව ඇති ඩොංගල් එක Unlock කරගැනීම, නොඑසේ නම් ඕනෑම ජාලයක සිම්පතක් භාවිතා කළ හැකි ලෙස සකස් කරගන්නා ආකාරය ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

බොහෝ විට අප රට තුළ භාවිතා වන බොහෝ ඩොංගල් මාදිලි අයත් වන්නේ Huawei හෝ ZTE කියන නිෂ්පාදක නාමයන්ටයි. මේ වර්ග දෙකටම අයත් ඩොංගල් පහසුවෙන් Unlock කරගත හැකියි. ඩොංගලයක් Unlock කිරීම සඳහා ක‍්‍රම කීපයක්ම තිබෙනවා. මේ සඳහා අන්තර්ජාල වෙබ් අඩිවි මෙන්ම පරිගණකයේ ස්ථාපනය කරන මෘදුකාංග ද යොදාගත හැකියි. පළමුවෙන් අපි අන්තර්ජාල වෙබ් අඩවියක් භාවිතයෙන් ඔබේ ඩොංගලය Unlock කරගන්නා ආකාරය විමසා බලමු.
වැදගත් : ඩොංගලය Unlock කිරීමෙන් පසු අදාළ සමාගමෙන් ලබාදෙන වගකීම් සහතිකය අහෝසි වන බව මතක තබාගන්න. එසේම හදිසි විදුලි ඇණහිටීමකදී ඩොංගලය නැවත භාවිතා කළ නොහැකි ආකාරයෙන් හානි විය හැකි බැවින් UPS උපකරණයක් සහිත පරිගණකයකින් මේ ක‍්‍රමය උත්සාහ කළ යුතුයි. එසේම Unlock Code යෙදීමේදී ඒ සඳහා යම් වාර ගණනක් :10 ක් පමණ* සීමා කර ඇත. එම නිසා නිවැරදිව Unlock Code එක ඇතුළු කිරීමට සැලකිලිමත් වන්න. මෙහි දක්වා ඇති උපදෙස් නිවැරදිව අනුගමනය කිරීම ඔබගේ වගකීමක් වන අතර ඔබ අතින් සිදුවන අත් වැරදීම් සඳහාද වගකීම ඔබ සතුයි.
මුලින්ම අප ZTE ඩොංගල් එකක් වෙබ් සේවාවක් ආධාරයෙන් Unlock කරගනිමු. මේ සඳහා මුලින්ම අන්තර්ජාල සම්බන්ධතාවය ඇති පරිගණකයකින් http://goo.gl/lkeo2 යන වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න. එහි Step 1 කොටසේ ඇති Text Box එකට ඔබේ ඩොංගලයේ IMEI අංකය ලබාදෙන්න. IMEI අංකය සොයාගැනීම ඉතා පහසුයි. ඔබේ ඩොංගලයේ කවරය විවෘත කළ පසුසිම්පත යොදන ස්ථානය අසල IMEI අංකය මුද්‍රණය කර තිබෙනු ඔබට පෙනේවි. මෙහි අංක 15 ක ඇති අතර ඒ සියල්ල නිවැරදිව ඉහත දැක්වූ වෙබ් අඩවියට ඇතුළත් කර Get NCK බොත්තම ඔබන්න. දැන් පහතින් Unlock Code ලෙසින් කේත අංක පෙළක් දිස්වනුඇති. එම කේතය නිවැරදිව සටහන් කරගන්න. දැන් ඔබේ ඩොංගලයට වෙනත් ජාලයකට අයත්සිම්පතක් ඇතුළු කොට එය පරිගණකයට සම්බන්ධ කරන්න. දැන් ඔබේ ඩොංගලයේ මෘදුකාංගය විසින් (Mobile partner) Unlock Code එකක් විමසනු ඇත. ඒ සඳහා ඔබ කලින් ලබාගත් Unlock Code එක ලබාදෙන්න. දැන් ඔබේ ZTE ඩොංගලය ඕනෑම ජාලයකට අයත් සිම්පතක් සමග භාවිතා කළ හැකියි.
SFR 114, SFR 231, SFR 232, SFR 241, SFR 341, SFR 342, SFR 343, Orange Vegas, Vodafone India, T-Mobile Vairy Touch, ZTE A261+, ZTE X760, ZTE X761, ZTE X960, ZTE GX760, ZTE GX761, ZTE GR230 යන මාදිලිවලට අයත් ඩොංගල මේ ක‍්‍රමය මගින් Unlock කරගත හැකියි. ඔබේ ZTE ඩොංගලය මේ ලැයිස්තුවේ නොමැති වුවත් ඉහත වෙබ් සේවාවට පිවිස උත්සාහ කර බලන්න.
දැන් අපි Huawei ඩොංගල් මාදිලි සඳහා Unlock ක‍්‍රියාවලිය විමසා බලමු මේ සඳහාත් අපි භාවිතා කරන්නේ අන්තර්ජාල වෙබ් සේවාවකි. මුලින්ම ඔබේ බ‍්‍රවුසරය වෙත පිවිසෙන්න. දැන් එහි Address Bar එකේ http://bb5.at/huawei.php?imei **************** යන කේතය නිවැරදිව ටයිප් කරන්න. මෙහි තරු සළකුණු වලින් දක්වා ඇති කොටසට ඔබේ ඩොංගලයේ IMIE අංකයට අයත් අංක 15 නිවැරදිව ටයිප්කළ යුතුයි.සියල්ල නිවැරදිව ඇතුළත් කළ පසු Enter කරන්න. දැන් ඔබට පහත ආකාරයෙන් සටහන් වී ඇති වෙබ් පිටුවක් දක්නට ලැබෙනු ඇත.
දැන් ඔබේ ඩොංගලයට වෙනත් ජාලයක සිම්පතක් ඇතුළු කර පරිගණකයට සම්බන්ධ කරන්න. ඩොංගලයේ මෘදුකාංගය මගින් Unlock Code එක විමසූ විට ඉහත වෙබ් පිටුවේ ඇති Unlock Code එක නිවැරදිව ටයිප් කරන්න. දැන් ඔබේ Huawei ඩොංගල් එක Unlock වනුඇති අතර ඕනෑම ජාලයක සිම්පතක් සමග එය භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇත.
එ් අපි සලකා බැලූවේ අන්තර්ජාලයේ ඇති වෙබ් සේවාවන් මගින් ඔබේ ඩොංගලය Unlock කරගන්නා ආකාරයන් ගැනයි. දැන් මෘදුකාංග භාවිතයෙන් මෙය සිදුකරගන්නා ආකාරය විමසා බලමු. මේ සඳහා http://goo.gl/njfdj යන වෙබ් ලිපිනය ඇතුළත් කර HUAWEI Modem Code Writer නම් කුඩා මෘදුකාංගය Download කරගන්න. මෙය 879 kb ප‍්‍රමාණයේ ඉතා කුඩා මෘදුකාංගයකි. එය install කිරීමටද අවශ්‍ය නැත. Download වී අවසාන වූ පසු මෙම මෘදුකාංගය Open කරගන්න. දැන් පහත පරිදි එය ධාවනය වනු ඇත.
දැන් මෙහි ඇති Please Select Com Port යන බොත්තම ක්ලික් කරන්න. ඉන්පසු මතුවන නව වින්ඩෝවෙන් Detect ක්ලික් කළ විට ඔබේ පරිගණකයට සම්බන්ධ කර ඇති ඩොංගලය ස්වයංක‍්‍රීයව හඳුනාගන්නා අතර, පසුව Accept යන බොත්තම ඔබන්න.
අවසානයේ පළමු වින්ඩෝවෙන් පහළ ඇති Unlock Modem යන බොත්තම ක්ලික් කරන්න. දැන් ලැබෙන පණිවුඩයට OK ලබාදී ඉවත් වන්න. ඔබේ ඩොංගලයට ඕනෑම සිම්පතක් දමා පරීක්ෂා කර බලන්න. එය Unlock වී ඇති ආකාරය ඔබට පෙනෙනු ඇත. මේ ක‍්‍රමයෙන් Unlock කර හැක්කේ VODA-FONE මාදිලියේ ඩොංගල කීපයක් සහ HUAWEI ඩොංගල් මාදිලීන් පමණකි.

ඕනෑම වර්ගයක ඩොංගල් මාදිලි මෙන්ම ජංගම දුරකථනද Unlock කරගත හැකි ප‍්‍රබල Unlocker මෘදුකාංගයක් ලෙස CD Unlocker හඳුන්වා දිය හැකියි. ඔබට මෙම මෘදුකාංගය සපයා ගත හැකි නම් ඔබේ ඩොංගලය Unlock කිරීම සඳහා එය පහසුවෙන් භාවිතා කළ හැකියි. මෙහි දක්වා ඇති ක‍්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ ඩොංගලයත් පහසුවෙන් Unlock කළ හැකි අතර එමගින් ඔබ කැමති ඕනෑම සේවා ජාලයකට අදාල සිම්පතක් භාවිතා කරමින් ඔබට අන්තර්ජාලයේ සැරිසැරීමට හැකියාව ලැබෙනු ඇත.

Comments

Popular Posts