හොද හැකර් කෙනෙකු වෙන්නේ මෙහෙමයි




කොහොමද යාලුවනේ ඔන්න කාලෙකට පස්සේ තමයි නැවත මේ විදියට ඔයාලට අකුරු කරන්න හිතුවේ.පහුගිය කාලයේ මම සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා හිටියේ ඔයාලට ලියන එකෙන් එකට හේතුව රැකියා ජීවිතේ මම ටිකක් කාර්ය බහුල වීම.එත් එකේ වෙනසක් නම් නෑ.මම හිතුව මාසෙකට එක සැරයක් හරි ඔයාලට ලිපියක් අරන් එන්න 

ඔන්න ඉතින් අද මම කතා කරන්නේ හොද හැකර් කෙනෙකු වෙන්නේ කොහොමද කියල 


හැකර් යන වදන ඇසුණු සැනින් අපට මතකයට එන්නේ කිසියම් කෙනෙකු විසින් ලෝකයේ අනෙක් කෙලවරේ සිටින පරිගණක පරිශිලයකුගේ පරිගණකයට හොරෙන් ඇතුල් වී එහි දත්ත සොරා ගැනීම පිලිබදවයි.එය පරිගණකයේ පමණක් නොව ජංගම දුටකතනය හෝ වේවා වෙබ් අඩවියක් හෝ වේවා මෙසේ යම්කිසිවකුගේ හැකර් ප්‍රහාරයට ලක් වේය හැකිය.
  


හැකර් වරයෙකු යනු හැම විටම අපරාද කරුවෙක් ද ?

යම් කිසි ක්‍රියාවක් හොද හෝ නරක ලෙස වෙන් කිරීමට හැකිය.හැක් කිරීමත් එසේමය අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීම.මකා දැමීම සොරකම් කිරීම වරදකි.එය Black hacker   ලෙස හැදින්වීමට පුළුවන 

කෙසේ වුවද white hacker    යනුවෙන් පිරිසක් ලෝකයේ සිටිනා බව බොහෝ දෙනා නොදනති.ඔවුන්ගේ කාර්ය තම දැනුමෙන් පරිගණකයේ මෙන්ම අන්තර්ජාලයේ ආරක්ෂාව සෑම අතින්ම වැඩි කිරීමටයි.
අනුන්ගේ දත්ත සොරකම් කරන කළු හැකර් වරු යනු බොහෝ දුරට ලෝකයේ කොන් වීමට ලක් වූ තමාගේ ගැන පමණක් හිතන පහත් මානසිකත්වයක් තිබෙන අයයි.

සුදු හැකර් යනු සමාජ ශීලී සාමුහිකව කටයුතු කරන පිරිසකි.



white  hat hacker කෙනෙකු වීමේ වාසි මොනවාද ?

ඕනෑම හැකර් වරයෙකු පරිගණකයකට හෝ වෙබ් අඩවියකට ඇතුළු වන්නේ එහි ඇති දුර්වල තාවයන් හේතු කොට ගෙනය.මෙවන් දුබලතා සොයාගැනීමට සමහර  සමාගම් වලින් විශාල ලෙස මුදල් වියදම් කරයි.ඔවුන් ඒ සදහා සුදු හැකර් කෙනෙකුට එසේ නොමැතිනම් Ethical hacker   කෙනෙකුට අරාධනා කරයි.සුදු හැකර් විසින් එම දුබලතා සොයා බලා එම ආයතනයට දැනුම් දෙයි එවිට විශාල වශයෙන් මුදල් ආයතනය විසින් සුදු හැකර් වරයාට ලබා දෙයි. 

මුල්‍යම වාසි වලට අමතරව ලෝකයේ බොහෝ සේ පිලි ගැනීමක් සුදු හැකර් වරයෙකුට ඇත .
ඔබ සේවය කරන ආයතනයේ බොහෝ විට පරිගණක පද්දතියක් ඇත.උදාහරණයක් ලෙස ඔබ Jhon keells  වැනි ලංකාවේ පළමු පෙළ ආයතනයක සේවය කරනා කෙනෙකු යැයි සිතමු.එම ආයතනයේ සියලු වෙළද රහස් ඇත්තේ පරිගණක තුලයි.එම ආයතනයේ සියලු ශාකා වල පරිගණක ආයතන මුලස්ථානය සමග සම්බන්ද වී ඇත්තේ නෙට්වර්ක් එකක් තුලිනි.ඔබට එම නෙට්වරක් එකට හොරෙන් රිංගා එම ඔබ ඇතුළු වූ අඩුපාඩුව එම ආයතනයට පෙන්වා දිය හැකිය.එවිට ඔබට් රැකියාවේ උසස් වීම හෝ මුදල් ත්‍යාගයක් දිනිය හැකිය.

හැකර් කෙනෙකු වන්නේ කෙසේද ?


  Ethical hacker    වරයකු වීමටනම් ඔබට මෘදුකාංග මෙහෙයුම් පද්ධති හා පරිගණක ජාල කරණය පිලිබදව හොද දැනුමක් තිබිය යුතුය.එබැවින් මෘදුකාංග කේත කරණය හෙවත් coding    පිලිබදව අවබෝදයක් තිබිය යුතුය.


Unix ඉගෙන ගැනීම  hacking     කලාවේ මුලික පියවරයි.     unix යනු අන්තර්ජාලය ගොඩනගා ඇති මෙහෙයුම් පද්ධතියකි. unix   නොදැන අන්තර්ජාලය තුල සැරිසැරීමට හැකි වුවත්  unix   නොදැන hacker      කෙනෙකු වීමට නොහැක.


වත්මන් පරිගණක   server  වල හා වෙබ් අඩවි වල භාවිතා වන ප්‍රධාන unix  මත පදනම් වූ මෙහෙයුම් පද්ධතිය (unix-like as) Linux   වන අතර ඔබට Linux -Windows     සමග එක්ව පරිගණකයට Dual Boot     කල හැකි අතර  Ubuntu     යනු   Linux   මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියකි.  සාර්ථක හැකර් කෙනෙක් වීමට  ඔබ  unix   හා එයට මෘදුකාංග නිර්මාණය කරන ආකාරය පිලිබදව දැන සිටිය යුතුය.

දෙවනුව ඔබ HTML    වැනි වෙබ් කේතකරණ භාෂාවක් ඉගෙන ගත යුතුය.මේ සමගPHP    හා CSS  වැනි අතිරේක වෙබ් අඩවි නිර්මාණ භාෂාවක් ඉගෙන ගත යුතුය හැකර් වරයෙකු බොහෝවිට අන්තර්ජාලය තුලින් ක්‍රියාත්මක කරන නිසා වෙබ් පිටු නිර්මාණය වී ඇති ආකාරය පිලිබදව නොදන්නේ නම් එහි දුබලතා සොයා ගැනීමට නොහකි වන බැවින් සාර්ථක හැකර් කෙනෙකු වීමට වෙබ් නිර්මාණ භාෂාවක් ඉගෙන ගත යුතුය.

හැකින් වල නිරතවන සෑම අවස්ථාවකදීම ඔබට තනිවම එය සිදු කිරීම අපහසුය සමහර කාරනා ඉටු කර ගැනීමට ස්වයංක්‍රීයකරණය වීමට සිදුවනු ඇත.මෙවන් අවස්තාවලදී තමාගෙන්ම මෘදුකාංග හා පරිගණක වැඩසටහන් නිපද වීමට හැකර් කෙනෙකුට හැකියාව  තිබිය යුතුය.මේ සදහාJava,C++,C  වැනි programming   language                         එකක් හෝ ඉගෙන ගැනීම දක්ෂ හැකර් කෙනෙකුගේ හොද  ආයුධයකි.

Image result for java programming
 මීට අමතරව පරිගණක ජාලකරණය හෙවත්computer  networking      අන්තර්ජාල මුලලේඛණ ක්‍රම (internet potocol)මෙන්ම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති  හා programming language  පිලිබදව දැනුම    අත්‍යවශ්‍ය වේ. 

හැකර් වරයෙකු ක්‍රියාත්මක වන්නේ සෑම විටම වෙනස් වන පරිසරයකය.එබැවින් එක කාර්යක් තවත් කාරයකින් අතිශයින්ම වෙනස් වන්නට ඉඩ ඉතාමත් ඉහලය.තමා වෙත එන බාදක වලට දිගින් දිගටම විසදුම් සෙවීම,නිර්මානාත්මක චින්තනය,විමර්ශන්ශීලිත්වය හා ඉවසීම යනු හැකර් වරයෙකුට තිබිය යුතු ගුණාංග අතරින් කිහිපයකි.


හැකර් කෙනෙකු සැබවින්ම ඉතා හොද තාක්ෂණික දැනුමක් හා ආද්යාත්මික ගුණ වගාවක්  ඇති සමාජහිතකාමී පුද්ගලයෙකි.එබැවින්        White hat හෙවත් Ethical hacker  කෙනෙකු  වී ලොවට සේවයක් කිරීමට අවස්තාව ඔබට දැන් හිමිව ඇත. 


ලිපිය හොදයි නම් පහලින් අදහස් දක්වා යන්න 


















Comments

  1. හොඳ ලිපියක්!

    ඇත්තටම හැකර් කෙනෙක් කියන එකේ අර්ථය, වංචාකාරයෙක්/අපරාධකාරයෙක්/හොරෙක් කියන එක නෙමෙයි!
    අපේ කට්ටිය ඒක දන්නේ නැහැ! ඒක හින්ද අපිට ගොඩක් වටිනා forum එකකුත් නැති වුන!

    ඔයාගේ blog ඒක හොඳයි! දිගටම ලිපි ලියන්න.

    ReplyDelete
  2. එක ඇත්ත ගොඩක් අය තමන්ගේ දැනුම් වැරදියට භාවිතා කිරීම තමයි වැරැද්ද .ස්තුතියි ලිපිය කියවුවාට

    ReplyDelete

Post a Comment

Popular Posts