මකන්න බැරි ඒවා බලෙන් මකමු.
මම ඔයාලට දෙන්න යන්නෙ Unlocker කියන Software එක. මේකෙන් කරන්න පුලුවන් මොනවද කියල බලමු. ඔයාගෙ Computer එකේ තියෙනවද Delete කරන්න බැරි Files,Folders එහෙම. Delete කරන්න ගියාම මේ වගේ විකාර Error Messages එනවද?



C: එකේ තියෙන System Files එහෙම Delete කරනව එහෙම නෙවෙයි. ඔය වෙන වෙන තැන් වල තියෙන Files වලට විතරක් මේක පාවිච්චි කරන්න. C: එකේ ඇතුලෙ තියෙන ඒවා වෙනස් කරනව නම් කල්පනාවෙන් කරන්න. OK මේකෙන් ඔයාට Delete කරන්න බැරි Files වගේම Rename කරන්න Move කරන්න බැරි Files වලටත් බෙහෙත් දෙන්න පුලුවන්. ඇයි අපිට මේ Files Delete කරන්න බැරි? ඔයාගෙ Computer එකේ වයිරස් තියෙන්න පුලුවන්. තව අපි Software එහෙම Install කරද්දි ඒවයෙන් මේවා හැදෙන්න පුලුවන්. හරි අපි බලමු මේකෙන් වැඩ කරන්නෙ කොහාමද කියල. මුලින්ම ඉතින් Software එක බාගෙන ඉන්නකෝ. මෙන්න බාගන්න.
ඉතින් ඕක බාගෙන ඉවරවෙලා Install කරගෙන මේ විදියට කරන්න. Software එක Open කරගන්න.ඊට පස්සෙ මේ විදියෙ එකක් ඒවි.
එතනින් ඔයාට ඕන එක තෝරල OK කරන්න ඊටත් පස්සෙ මේ විදියෙ එකක් ඒවි.
දැන් delete කියන එක දෙන්න
වැඩේ හරි එහෙනම් ගිහිල්ල එන්නම්..අදහස් දක්වලා යන්න මේ ලිපිය විශේෂයෙන් ලියුවේ තරිඳු කියන යාළුවා ඉල්ලපු ඉල්ලීමකට

Comments
Post a Comment