topsybur.com යන නාමය ක්‍රියා විරහිත කර ඇත.blogspot.comයන නාමය නැවත භාවිතා කෙරේ




මාව ෆොලෝ කරන්න

Samsung හා LG ගේ ඔරලෝසු


Night Rider,...ඔබ 1990 දශකයේ ඉපදුනු කෙනෙකු නම්, මේ ජනප්‍රිය, වික්‍රමාන්විත රූපවාහිනී වෘතාන්තය ගැන අසා තිබෙනු නිසැකය. ඔබ එය නරඹා ඇති නම්, එහි කතා නායකයා වන "Michael Knight" ඔහුගේ අති සුපිරි මෝටර් රථයේ සිටින කෘතීම මොලයක් සහිත සුමිතුරා වන "Kit"ව අමතන ඔරලෝසුව ඔබට මතක යැයි සිතමි. හුදෙක්ම එම ටෙලි වෘතාන්තයේ ආකර්ශනීය බව සඳහා නිර්මාණය කරන ලද එම අදහස , සැබෑවක් ලෙස අපට දැකගැනීමට අවස්ථාව සැලසෙන පුවතක් Samsung වෙතින් වාර්තා වේ. ඒ ඔවුන්ගේ Samsung curvy smartwatchසමඟය.

සැමදෙනාම Apple iphone 6 වෙත නෙත් සිත් යොමා සිටි මොහොතක කරලියට පැමිණි මෙම curvy smartwatch , දුරකථන ලොවේ ඇති කලේ දැවැන්ත පෙරළියකි. ලොව දැනට සිටින විශාලතම ස්මාර්ට් දුරකථන නිෂ්පාදකයකු වන samsung , ඔවුන්ගේ මෙම නව නිර්මාණයට දී ඇති නම වන්නේ Gear S යන්නයි. එහි වක්‍රාකාර AMOLED තිරයක් ඇති අතර එය පළඳින්නාගේ මැණික් කටුවට සරිලන ලෙස සැකසිය හැකි වන තරමේ නම්යෂශීලි, එහෙත් ශක්තිමත් පටියකින් යුතුය.
මෙහි තිරය එය භාවිතා කරන පුද්ගලයාට ඉතාම පහසුවෙන් හා පැහැදිලිව කෙටි පණිවිඩ හා දැනුම්දීම් (notifications) කියවිය හැකි ආකාරයේ විශාල තිරයක් වේ. එහි settings ඔබට අවශ්යi ලෙස වෙනස් කරගත හැකි අතර, ඔරලෝසු පටියේ වර්ණයද වෙනස් කරගැනීමේ හැකියාව ඔබට ලැබෙනු ඇත.

3G, Bluetooth and Wi-Fi හෙවත් රැහැන් රහිත අන්තරජාල පහසුකමට සම්බන්ධ වීමේ හැකියාව මෙය සතු වීම නිසා ඔබට පහසුවෙන් , දවසේ ඕනෑම වෙලාවක සමාජ වෙබ් අඩවි ආදියේ සැරිසැරීමටත් , විවිධ යෙදවුම් වර්ග භාවිතා කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. මෙහි "තිරය-මතයතුරු පුවරුව" නොහොත් onscreen keyboard හෝ S voice functionality’ නමින් හැඳින්වෙන කටහඬ පටිගත කර එය පණිවිඩයක් සේ යැවිය හැකි යෙදවුම් මඟින් ඔබට ලැබෙන කෙටි පණිවිඩ ආදියට එවෙලේම පිළිතුරු යැවීමට හැකි වීම මෙහි ඇති තවත් වාසියක් වේ.

ඔබගේ හිතවතුන්ගේ දුරකථන වෙත ඇමතුම් ලබා ගැනීමට මෙන්ම , ඔවුන්ගෙන් ඔබට එන ඇමතුම් ලබා ගැනීමටද මෙම curvy smartwatchමඟින් ඔබට අවස්ථාව සැලසෙනු ඇත. Pedestrian navigation යෙදවුම සක්රිටය කිරීමෙන් GPS පහසුකම අත්විඳිය හැකි අතර මෙම ඔරලෝසු-දුරකතනයේ ඇති සංවේදක මඟින් එය සෞඛ්යට හා ශාරීරික යෝග්යSතාවය පිළිබඳව අවබෝධයෙන් සිටින උපාංගයක් ලෙසද කටයුතු කරනු ඇත.
Gear S මැණික් කටුවේ පැළඳිය හැකි දුරකතනයක චර්යාව පෙන්නුම් කරන ඔරලෝසුවක් ලෙස පමණක් නොව විලාසිතා අංගයක් ලෙසද වැදගත් වනු ඇත. තම තරඟකාරී හා කලබලකාරිත්වයෙන් පිරුණු ජීවන රටාවේ බර මදකට හෝ කරට ගෙන ඔබට සහය වීමට curvy smartwatchසමත් වනු නොඅනුමානය.ලබන ඔක්තෝම්බරයේ සිට වෙළදපොලට නිකුත් වන Gear Sගේ මිල කොපමණක් වනු ඇතැයි මෙතෙක් පවසා නැත.
Gear Sට තරඟයක් වීමට අපේක්ෂා කරන LG සමාගමේ LG G Watch R එයට පෙර වෙළඳපොළට නිකුත් වන අතර එය 100%කම OLEDතිරයකින් සැදුනු ලොව ප්රකථම smartwatchඑක වනු ඇත. එහි අඟල් 1.3ක විශ්කම්භයකින් යුතු මුහුණතක් ඇති අතර, ඍජු හිරු එලිය සහිත තැනක සිට වුව, කවර කෝණයකින් බැලුවද කිසිඳු අපහසුතාවයකින් තිරයේ ඇති දෑ බැලීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. මෙහි google හි anroidක්රි යාකාරී පද්ධතිය (operating system) භාවිතා කරනු ඇති අතර, ඒ නිසා Google Playහි අන්තර්ගත විවිධ යෙදවුම් ඇත හදා බැලීමට එය පළඳින්නාට හැකිය. Samsung පරිදිම මෙහිද අදාළ පුද්ගලයාගේ හෘද ස්පන්දනය මැනිය හැකි සංවේදක (sensors) අන්තර්ගත වන අතර එයද ඔබගේ ශාරීරික යෝග්යලතාවය පවත්වා ගැනීමට වැදගත් වනු ඇත.
දැනුම්දීම් නොහොත් notifications, ඔබට මගහැරුණු ඇමතුම්, සිහි කීරිම් (reminders) හා කෙටි පණිවිඩ පිළිබඳව ඔබව දැනුවත් කරනු ඇති අතර මෙහි ඇති එක් අඩුපාඩුවක් වන්නේ ඔබට ඇමතුම් ලබා ගත හැක්කේ ස්මාර්ට් දුරකථන වල පමණක් වීමයි. ඔබට ලැබෙන ඇමතුම් සම්බන්ධයෙන්ද එම නොහැකියාව එලෙසින්ම පවතී.
කෙසේ හෝ වේවා, LG හි LG G Watch R ඔරලෝසු-දුරකථනය , Samsungහි Gear S ට වඩා කලින් වෙළඳපොළට නිකුත් වුවද, smartwatchලොවේ සාර්ථක ආරම්භකයා ලෙස කිරුළු පැළඳීමට Samsung සමත් වනු ඇත්තේ LG G Watch Rට වඩා එහි ඇති විශේෂතා මෙන්ම වෙළඳ සමාගමක් ලෙස දුරකථන ලොවේ ප්ර මුඛයෙකු ලෙසද Samsung බොහෝ දෙනාගේ සිත් දිනා ඇති නිසාය.
Share on Google Plus

About Ushan Devinda

පළමුවෙන්ම මෙහි පැමිණීම පිලිබදව ඔබට ස්තුති වන්ත වෙමි.මගේ පළමු අරමුණ නම් ඔබට ගුණාත්මක සේවාවක් වගේම පරිගණක දැනුම ලබා දීමයි.ඔබ දන්නා මෙන්ම නොදන්නා කරුණුද මෙහි ඇතුලත් ව ඇති බව මගේ විශ්වාසයයි.ඔබ මෙම වෙබ් අඩවියෙන් යමක් උගතානම් හෝ ලබා ගත්තානම් එය මට ඉමහත් සතුටක් බව පැවසිය යුතුය.ඔබ මෙහි පැමිණීම මා නැවත අපේක්ෂා කරන අතර ඔබේ අදහස් දක්වා යන්න අමතක නොකරන්න.ඔබේ අදහස් මාගේ ගමනට දිරියකි.S.A Nuwan Madusanka.

මෙම වෙබ් අඩවිය topsybur.com යන නාමය මුදල් ගෙවගැනීම නොහැකි වීමෙන් ක්‍රියා විරහිත කර ඇත.blogspot.comයන නාමය නැවත භාවිතා කෙරේ

0 comments:

Post a Comment

Google+ Followers