ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක්

1. ටෝර් ප්රෝජෙක්ට්

ටෝර් නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයකි, මෙය භාවිතා කොට වෙබ් අඩවි තුලට නිර්නාමිකව යා හැක. මෙය ලොව වට භාවිතා වෙන මෘදුකාංග අතරින් විශිෂ්ටතම එක බව බොහෝ දෙන පිළිගනී. ටෝර් ඩවූන්ලෝඩ් කරන්න මෙතන ක්ලික් කරන්න, එය ඔබට ටෝර් භාවිතා කිරීමට හැකි බ්‍රෞසරයක් සමග ගත හැක. ටෝර් කොතරම් සුරක්ෂිතද කිවහොත් රුසියාවේ ජනාධිපති ව්ලැඩමියර් පුටින්, ටෝර් බ්‍රෞසරයේ රහස් හොයා දෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 140ක පමණ තෑගි මුදලක් ලබා දෙන බවට ප්‍රකාශ කර ඇත.

2. ඩක් ඩක් ගෝ

මෙය ගූගල් වැනි තවත් සර්ච් වෙබ් අඩවියක්, නමුත් මෙහි ඇති වෙනස වන්නේ ඔබගේ කිසිම තොරතුරක් මොවුන් තබා නොගන්න බවයි.

3. ගෝස්ටරි

ඔබ අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබ ක්ලික් කරනා සෑම දේ සහ බලන සෑම දේම විශාල් සමාගම් එකතු කරන බව ඔබ දනාව ඇති, විශාල දත්ත ගබඩා කොට මෙම සමාගම් ඔබට ගැලපෙන ලෙස දැන්වීම් ලබාදීම් මෙහි මුලික අරමුණකි. ගොස්ටරි මෙම “ට්‍රැකර්ස්” හඳුනාගෙන ඔබගේ තොරතුරු අරාක්ෂා කර දේ.

4. ක්‍රිප්ටෝ කැට්

ක්‍රිප්ටෝ කැට් සුරක්ෂිත පණිවිඩ යවීමට යොදාගන්නා මෘදුකාංගයකි. මෙය ඔබගේ බ්‍රෞසරයට එක කරගත හැකි වැඩි කිරීමකි. මෙය ඉතාමත් ජනප්‍රිය පණිවුඩ හුවමාරු කරගන්නා උපකරණයකි. බොහෝ රටවල මාධ්‍යවෙදියන් මෙය දැඩි ලෙස භාවිතා කරන්නේ මෙහි යවන්න සහ ලබාගන්නාට අමතරව කිසිම අතරමදියෙකුට දත්ත කියවීමට බැරි බැවිණි.

5. HTTPS ඒව්රිවේයා

සෑමතනම සුරක්ෂිත සම්බන්ධ ලබාදීම මෙහි පරමාර්ථයයි, මෙය Chrome, Firefox සහ Opera වැනි බ්‍රෞසර් හට එකතු කරගත හැකි වදිකිරිමකි. ඔබ “http ://” යොදා වෙබ් අඩවියකට සම්බන්ධ වීමට උත්සහ කරනවානම් එය ඉබෙ “https://” බාවිතා කීරීමට පටන් ගනී.


Comments

  1. Merkur & Ferencia: Merkur & Ferencia Merkur
    Merkur & Ferencia https://tricktactoe.com/ merkur - 바카라 사이트 Merkur & Ferencia https://febcasino.com/review/merit-casino/ Merkur in Solingen, Germany - Merkur - Merkur 메이피로출장마사지 Merkur - herzamanindir.com/ MERKUR - Merkur & Ferencia Merkur

    ReplyDelete

Post a Comment

Popular Posts