topsybur.com යන නාමය ක්‍රියා විරහිත කර ඇත.blogspot.comයන නාමය නැවත භාවිතා කෙරේ




මාව ෆොලෝ කරන්න

windows 8 භාවිතය

වින්ඩොව්ස් 8 පිලිබදව හදුන්වා දෙන ලෙස අජිත් කුමාර සහෝදරයා කරපු ඉල්ලීමකට අනුව අද සිට මෙම ලිපි පෙළ ගෙන එනු ලබයි.එහි පළමු ලිපිය මෙය වේ.


Windows 8/8.1 වලදී Automatic Repair නවතා ගන්නේ කෙසේද?



Windows 8 හෝ 8.1 වලදී අනපේක්‍ෂිත අයුරින් යථාපරිදි Windows ආරම්භ නොවී Automatic Repair ස්ථානයට නොනවත්වා රැගෙන යන තත්ත්වයක් සමහරවිට ඔබත් මේ වනවිට අත්විද ඇති එසේත් නැතහොත් අනාගතයේදී ඔබටත් එම අත්දැකීම අත්විදින්නට හැකියාව ලැබෙන්නට ඉඩතිබේවි. ඉතින් දැන් ඔබට හිතේවි Repair ස්ව්‍යංක්‍රීයව නැත‍හොත් Automatic ලෙසම සිදුවෙනවානම් වැරැද්ද මොකක්ද කියලා. මේක Automatic කිව්වට ඉන්පසුව ලැබෙන Options වන Refresh සහ Restore වලදී මෙම මුහුණත් ලැබුනහොත් ඉන් ඉදිරියට මෙම දෝශය නිවැරදි කරගැනීම ගැටළුවක් වනු නිසැකයි.

මෙන්න මෙහෙමයි මේ දෝශය නිවැරදි කරගන්නේ. මුලින්ම ඔබ මෙම දෝශය පැනනැගුණ පරිගණකයට Windows ස්ථාපනය කළ DVD එකත් ඔබ සතුව තිබීම වැදගත් වන අතර අවශ්‍ය අවස්ථාවේදී DVD Writer තුලට අැතුළු කරන්න.

දැන් Boot වන අවස්ථාවේදී ඔබ භාවිතා කරන Keyboard Language එක පිිළිබදව විමසනු අැති අතර එය ඔබගේ භාවිතය පරිදි select කර Next කරන්න.

ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Repair your Computer" තෝරන්න.

ඉන්පසුව ලැබෙන මුහුණතේදී "Troubleshoot" තෝරන්න.

ඉන්පසුව "Advanced Options" තෝරන්න.

අවසානයේදී "Command Prompt" තෝරන්න.

දැන් අනුපිළිවලින් මෙම විධානයන් type කර Enter කරන්න.

bootrec /fixmbr

bootrec /fixboot

bootrec /RebuildBcd

ඉන්පසුව ස්වල්ප‍ වේලාවක් විනඥාස ගතකිරීම සදහා ගත කිරීමෙන් අනතුරුව ඔබගේ පරිගණකයේ ඇති කුමන Windows ස්ථාපනයක් අදාල ක්‍රියාකාරීත්වය සදහා සකස් කළ යුතු දැයි විමසමින් අසන අවස්ථාවේ එක් Windows ස්ථාපනයකට වඩා වැඩි අවස්ථාවක නම් දැක්වෙන අංකය සටහන් කර Yes සදහා Y අකුර යොදා ගත යුතු අතර එක් ස්ථාපනයක් පමණක් නම් Y අකුර පමණක් යොදා Enter කළ යුතුය.

අවසාන වශයෙන් Command Prompt අවස්ථාවෙන් ඉවත්වීමට Exit යන්න Type කර Enter කරන්න. ඉන්පසුව පරගණකය Reboot කරවීමට අවශ්‍ය මුහුණත කරා ඔබව රැගෙන ගිය පසුව Reboot වූ පසුව Automatic Repair වීම වෙනුවට යථා පරිදි පරිගණකය Boot වීම සිදුවිය යුතුවේ.




Share on Google Plus

About SLVIDEO TUTORIAL

පළමුවෙන්ම මෙහි පැමිණීම පිලිබදව ඔබට ස්තුති වන්ත වෙමි.මගේ පළමු අරමුණ නම් ඔබට ගුණාත්මක සේවාවක් වගේම පරිගණක දැනුම ලබා දීමයි.ඔබ දන්නා මෙන්ම නොදන්නා කරුණුද මෙහි ඇතුලත් ව ඇති බව මගේ විශ්වාසයයි.ඔබ මෙම වෙබ් අඩවියෙන් යමක් උගතානම් හෝ ලබා ගත්තානම් එය මට ඉමහත් සතුටක් බව පැවසිය යුතුය.ඔබ මෙහි පැමිණීම මා නැවත අපේක්ෂා කරන අතර ඔබේ අදහස් දක්වා යන්න අමතක නොකරන්න.ඔබේ අදහස් මාගේ ගමනට දිරියකි.S.A Nuwan Madusanka.

මෙම වෙබ් අඩවිය topsybur.com යන නාමය මුදල් ගෙවගැනීම නොහැකි වීමෙන් ක්‍රියා විරහිත කර ඇත.blogspot.comයන නාමය නැවත භාවිතා කෙරේ

0 comments:

Post a Comment

Google+ Followers